Pages

Tuesday, February 4, 2020

මේ උඹට

මේ උඹට
උඹ කොතනක හිටියත්
කා එක්ක හිටියත්
කවදාවත් කවුරුත් උඹට නොදුන්න,
ආදරයක් මගේ මුලු හිතේම පුරවගෙන
උඹ එනකල් මං බලාගෙන හිටියා...

උඹ එයි සමහර විට එන්නෙ නැති වෙයි
ආවොත් මට ආදරේ කරයි
නැත්තං ආදරේ නොකරම හැරිලා යයි
එහෙමත් නැත්තම් මම උඹට ආදරේ නොකරයි
මට උඹව එපාම කියයි..
කොහොම උනත් හිතේ ඇදිලා තිබුනෙ උඹට පුදුම ආදරයක්
උඹමයි කියලා හිතිලා වෙන උන් එක්ක
බැදීම් ඇතිකරගත්ත වාර තිබුනත්
ඒ උඹ නෙමෙයි... 
ඇත්තටම මම පතපු උඹ කොහෙද තාම
මේ ආත්මෙ උඹ මගේ වෙයිද
නැත්තම් උඹ මට නැති වෙයිද
මොනවා උනත් ලබන ආත්මෙ වත්
#කරුමක්කාරයට කලින් මගේ
#උරුමක්කාරය වෙලා
මගේ ලගට වරෙන්.....🙏

No comments:

Post a Comment