ලඟින් ඉඳපු උඹ
ඈත් වෙද්දි
දුක හිතුණා
හැබැයි ඒ ඉස්සර..
හිත රිදුනා
ඒත් ඒ ඉස්සර...
උඹ මට කියපු කතා
මතක් කර කර ඇඬුවා
ඒ උඹව විශ්වාස කරපු දවස්වල...
මට උඹව ඕනිමයි කියලා
මම කෑගැහුවා
ඒ මගෙ කරුමෙ ගෙවාගන්නවත්
බැරි උන තැන්වල...
දැනගනින්
දැන් මම පිටපතම දන්නවා
උඹ රඟන්න කලින් ඉඳන්ම...
එ් හිංදම
දැන් මම සතුටු වෙනවා
උඹ මාව අතහැරපු එක ගැන...☝
- නිර්ණාමිකයි
No comments:
Post a Comment