නුඹ නොදැක්කත්
මගේ ආදරේ තරම..
නුඹ නොහිතුවත්
මේ මං ගැන බොහොම.
.
මේ හිත හිතන්නේම
නුඹ ගැනම විතරමයි
හැම වෙලාවෙම
හැම තත්පරේකම..
හිතත් මට නතු නෑ
නුඹව පුරවාන මේ
පපුව පුරාම..
තනියම විඳවනවා
හැමතිස්සෙම..
නුඹවම සිහිවෙනා හැටි
මේ හිතට..
ඇත්තටම
මටම හිතා ගන්නට බෑ
ඇයි මම එහෙම..
නොලැබුනත් නුඹ
කිසිදාක
ආදරේ මගෙ අඩුවකුත්
වෙන්නේ නෑ කිසිදාක..
පිළිගන්නේම නෑ
මේ හිත මට නුඹව
හිමි නැති බව තවම..
පතන්නම්
මතු සසරෙදිත්
සත්තකයි නුඹවම..
අන්න එදාට
කාගෙවත් වෙන්නට කලියෙන්
වෙනවද මගේ විතරක්ම..
-හිරූ කල්හාරි-
No comments:
Post a Comment