Pages

Tuesday, November 19, 2019

මං මහ කාලකන්නි එකියක්

මං මහ කාලකන්නි එකියක්
කොච්චර ආදරේ කරත්
හැමතිස්සෙම හොයන්නෙ ඉවරයක් නැති ආදරයක්
වචනෙකින්වත් අනුන්ගෙ නොවන
තමන්ගෙම වෙච්ච ආදරයක්


අඬන්න පුළුවන් මැරෙනකල් උනත්
අනේ ආදරේ කරන එකා ලඟට අරන් වචනයක් ආදරෙන්
කතා කරයි කියලා බලාපොරොත්තුවෙන්

දුවන්න ආසයි ගව් ගානක් උනත්
ආදරේ කරන එකාව දකින්න තියෙනවා නං
තට්ට තනියම උනත්

ඇත්තටම මං මහ පට්ට ඇණයක්
ආදරේ කරන එකාගෙ ජීවිතේ⁣ට සැනසීමක් නැති තරම්
හැමතිස්සෙම එ් හිත අස්සෙ එල්ලීගෙන ඉන්න තරම්

ඔව් උඹ හරි
මගෙ හිත මහ කඩප්පුලි හිතක්
ආදරේ නොලැබෙද්දි
මේ තරම් පිස්සියක් වෙන්න තරම් ✌

- නිර්ණාමිකයි

No comments:

Post a Comment