Pages

Tuesday, November 19, 2019

මගේ කොල්ලා තරම්
බක පණ්ඩිතයෙක්
වෙන කොහේවත් නැත
ලෝකෙ කා වතුර බී ඇති එයා
ඕනම තැනක ජීවත් වීමට උගත්ය


මගේ දවස පටන් ගන්නේම
එයාගෙන් බැනුමක් අහගෙනය
පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන්
මා අහගන්නේ වඳුරු කුණුහරපය 😆

⁣කිසිදා අසා නැති වචන අහගැනීමට
මහ ලොකු වරදක් කල යුතු නැත
එක කෑම වේලක් ⁣මා නොකා සිටීම
හොඳටෝම ප්‍රමාණවත් ය
ඉතිං සති ගානකට හරියන්න
මගෙත් බඩ කට පිරෙන්නේ එතකොටය

එයාට මගේ ඇත්තේම ඇද කුදය
අද නං ලස්සනයි යන්න ඇසීම මට හීනයක් ය
වෙන එකෙක් මං දිහා නිකමටවත්
බැලීම ද තහනම් ය
අන්තිමේ ඌ බැලූ එකද මගේ කරුමයම ය

දවස අහවර වෙන්නේ ද බැනුම් අහගෙනමය
දැන්වත් නිදාගමු නේද කියනවා මිස
ආදරෙයි පන උම්මා යන්න මා කිසිදා අසා නැත

රණ්ඩුවකදි මා ⁣ඇවිස්සෙන තරමට
එයාට ආතල් ය
මං කියවන විනාඩිය පවා එයාට වටින්නේ
අර මහ ලොකු ගේම් එක ගැහීමට ය

ඉතිං සීනිබෝල ආදරයක් මට නං නැත
ඇත්තේම ගහ මරාගෙන ආයෙත් හොයාගෙන යන
මහ පුදුම බැඳීමක් ය
ඇත්තම කතාව
මට එයා නැතුව බැරි බව ලෝකයම දැනගත්තද
එයාට මං නැතුව බැරි බව දන්නේ
#මමම පමණක් වීම ය

- නිර්ණාමිකයි

No comments:

Post a Comment