Pages

Tuesday, November 19, 2019

හීන ❤



ආදරේ පස්සෙ හති දාගෙන
දුවපු කාලයක් තිබුනා
මේ තත්පරේ වෙනකලුත්
ආදරේ ගැන හීන මැව්වා

ඒත් දැන් ඇස් දෙක අරින්න
කාලෙ ඇවිත් කියලා මට තේරුනා

ආදරේ හිංදා පපුවට දැනෙන්නෙ දුකක්ම විතරයි නං
ඒක නිසා තත්පර අරික්කාලක්වත්
සැනසීමක් දැනෙන්නෙ නැත්තං
තවත් ආදරේ පස්සෙ දුවන්න බෑ කියලා
තේරුම් ගන්න මට මහ හුඟක් කල් ගියා

ඔව් දැන් තේරුම් අරගෙන ඉන්නෙ
ජීවිතේ කියන්නෙ
ආදරේ කරන එකම නෙමෙයි කියලා
ඊට එහා ගිහිං ජීවිතේ ගොඩ ගන්න නම්
හීන දකින්න ඕන කියලා

ඔය කොච්චර කිව්වත්
අපිට අපි ආදරේ කරපු අය ගැන නොහිතා ඉන්න බෑ
ඔව් එහෙමත් හිතපු කාලයක් තිබුනා
දැන් එහෙම නෑ
දැන් ආදරේ පස්සෙ පන්නන්න මට
වෙලාවක් ඇත්තෙත් නෑ

දැන් මම දුවන්නෙ
⁣මගෙ හීන පස්⁣සෙ 🙃✌

- නිශා (පරණ මම)

No comments:

Post a Comment