Saturday, July 6, 2019
මගේ හිතේ ඉන්න අනාගත සුදු නෝන වෙත
මගුල් බෙර හඬ ඇහේවි.මල් මාල වැටේවි.ජය මංගල ගාථා කියාවි.යාලුවෝ නෑදෑයෝ සුභ පතාවී.
ඔය මගේ ආදරණිය බිරිඳ වෙලා මගේම වේවි.
ඔයා පොඩි කාලේ ඉඳන් අම්මල ගාව දුවල පැනල සෙල්ලම් කරලා,හැමදේම අම්මට කියල තාත්තට කියල ඔය නිදහසේ හැදිලා ශක්තිමත් ආරක්ෂාවක් මැද්දේ හිටපු ඔයා,ඔයාගේ සුදු මහත්තයව විස්වාස කරල මගේ ලඟට දවසක ඒවි. ලස්සනම ලස්සන දෙව්දුවක් වගේ මගේ ජීවිතේ එලිය කරාවි.
ඔයා ශක්තිමත් ආදර කතාවක කොටස් කාරිය වෙලා අදරවන්තියක් වෙන්නෙත්,බිරිඳක් වෙන්නෙත්,ගැහැනියක් වෙන්නෙත්,අම්ම කෙනෙක් වෙන්නෙත්,මගෙ අතින් කියල මතක් වෙනකොට ඒ ගවුරවය හිතේ තියාගෙන මම මුළු ජිවිත කාලයක්ම ඉඳීවි.
අපි දෙන්නගෙම කූඩුවට එනකොට ඔයා කියයි home comming එකට බොන්න දෙන්න ඕනි නෑ අපි පිරිතක් කියල ගෙට ගොඩවෙමු කියල.මම දන්නවා මට හම්බුනේ යශෝදරාවක් කියල.යශෝදරාවක් වෙන්නෙ කන්‍යාභාවයෙන් නොව තැනක ඉන්ණ විදිය අනුව හැසිරෙන විදොය අනුව සමාජෙ එක්ක ගනුදෙනු කරන විදිය අනුව කියල අපි දෙන්නම දන්නව.
අපි දෙන්න අලුත්ම ජිවිතයක් ලස්සනම සරලම විදිහට පටන් ගනීවි.චූටි කාලේ වලන් දෙකක් අරගෙන සෙල්ලම් බත් උයපු ඔයා,මට රහට බත් උයල කවාවී.මාත් එක්කම එළවලු ගේන්න පොලේ යාවි...රෑට කොට්ටවල පුළුන් යනකම් කොට්ට වලින් ගහගනීවි.
ඔයා පරදිනකොට අඬල දිනුම ගන්න නම් ඔට්ටු නෑ හැබැයි.ඒ දඟ වැඩ වලට අමතරව මම දන්නව ඔයාගේ හිත දුවන තැන පන්සලට ගිහින් බෝ මළුවට වෙලා බෝ කොළ සද්දෙ අහගෙන ඉන්න බෝ මලුව අමදන්න,බෝධිය නාවන්න මාවත් එක්කගෙනම යාවි ඔයා.ඒ වගේම හවසට මුහුදු වෙරළක ෂෝට් කෑලි දෙකක් ගහගෙන බාට දෙකක් දාගෙන වැල්ලේ බිම ඉඳගෙන අපිට අනන්තය ගැන නෙවේ හෙට අනිද්දා අපිට එකතු වෙන්න ඉන්න පැටිය ගැන ඔයා මාත් එක්ක හීන මවාවී.
හීතලම කඳුකරය්යක මීදුම අස්සෙ අතරමං වෙන්න සීතලට ගුලිවෙන්න වගේම පිස්සො වගේ කෑගගහ යන්න මට වඩා ඔයා දක්ශයි කියලත් මම දන්නව
මගේ තේරීම ගැන මම හැමදාමත් ආඩම්බර වේවි.මට මතකයි ඔයා බල්ලන්ට පූසන්ට කෑම අරං දුන්න.අසරන දුගියන්ට කෑම අරං දෙනව.ආදරේ කරන ලස්සන කෙල්ල කාලේ දඟ වැඩ කරන ගමන් කෙලි වැඩ කරන ගමන් ඔයාට ඒ වගේ පින්බර පින්බර සිතුවිලි එනවනම් ඔයා දවසක අම්ම කෙනෙක් උනහම කොයිතරම් ලස්සනට ජිවිතේ අපිව ජිවත් කරාවිද?
දැන් ඉන්න කෙල්ලො තොරොම්බල් ඇඳගෙන පාරවල් වල යද්දී තැනට ඕනි විදියට අඳින්න ඔයා ඉගෙන ගත්ත.මතුපිට ඔපයට වඩා හිත අස්සෙ ඔපය පොලිශ් කරන ඔයා අනිත් කෙල්ලො එක්ක ගද්දි මට නම් යුනික් මලක්.
කඩේකට ගිහින් ඇඳුම් තෝරද්දී ඔයාට ගන්න කලින් මගේ අම්මටත් ඇඳුම් ගද්දි මට ඇඳුම් තෝරද්දී මම ඔයාව වඩා ගෙන මුළු කඩේ හැමතැනම දුවන්න හිතේවි.
ඔයාට බඩ ගෙඩියක් උස්සගෙන ඉන්න වෙන දවසක් එනව.එදාට ඔන්න බැනුම් අහගන්න නම් එපා මගෙන් ගොඩක් මහන්සි වෙලා.මම දන්නෙත් නෑ ඕව ගැන.රෑට නිදාගන්න කලින් බඩට උම්මාහ් එකක් දීල නම් නිදාගන්න පුළුවන් මට..දවසක අපේ කූඩුවට පුතු පැටියෙකුයි දූ පැටියෙකුයි ආවම මට ආදරේ වගේම ඉරිසියාත් හිතෙයි.
ඔන්න මට බබාලාගේ තාත්ත එහෙම කියල කිව්වොත් නම් තරහම තරහයි.එතකොට මගේ මූන අල්ලලා මිරිකුවා වගේ බබාලව හුරතල් කරාවි නේද?ඔයා වගේම ගහට කොළට ආදරේ කරපු සිරිත් විරිත් තියන දරු පැටවු දෙන්නෙක් නම් හැදේවි.ඔයා අපෙ දරුවො එක්ක සෙල්ලම් කරද්දි මම ඈත ඉඳන් බලාගෙන ඉඳීවි..ඒ ඔයාල සේරගේම තාත්ති මම නිසා අපේ කුඩුවේ ආරක්ෂකයා මම නිසා..
දරුවො ලොකු වෙනකොට ඔයා එක්ක හුරතල් වෙන්න බැරි නිසා මම ඔයා දරුවො හුරතල් කරන හැටි බලාගෙන ඉන්දිවී..ඒ අපේ ආදරේ ශක්තිමත් නිර්මාණ නිසා.ඔයා ලස්සනට හිනාවෙලා සතුටින් ඉන්න නිසා.ළමයි ඔයා එක්ක ලංවේවි.ඔයා එක්ක හුරතල් වේවි.ඔයා ලෙඩ උනොත් මම අඬයි.ඒ අපි හැමෝම සතුටින් තියපු ඔයා ලෙඩ උන නිසා.මම දන්නවා අපි ගැන බැලුවේ ඔයා ගැන ඩිංගක් වත් හිතල නෙවේ.ඔයා කෑවා කිව්වට කෑවේ නෑ කියල මම දන්නව.එතකොට බබාල ටිකයි අප්පච්චි අම්මිට කෝටුවකුත් ගෙනත් බත් කවල බෙහෙත් පොවාවී.මම දන්නව ඔයා ලෙඩ වෙන්නෙ නෑ කියල.ඒ අපේ කුඩුවේ ලොක්කි ඔයානේ.අප්පච්චිගෙයි බබාලගෙයි අම්මි ඔයානෙ.ඒ ගුණ යහපත් කමට ලෙඩක් උනත් ඉක්මනටම සනීප වේවි.
මට මේ ලෝකෙන් යන්න උනොත් හදිස්සියේම ළමයින්ට කියල දෙන්න ලොකු මිනිස්සු වෙන්න නෙවේ.යහපත් මිනිස්සු වෙන්න.පොඩි පැලයක් ලොකු අරටුවක් ඇති ගහක් වෙන හැටි ළමයින්ට කියල දෙන්න.උදේට පායන හිරුගේ රශ්මියත් රෑට පායන හඳේ සිහිලත් විඳින්න ළමයින්ට සලස්වන්න.සුදු පාට යටි පතුල් වෙනුවට මඩ ගෑවුණු යටි පතුල් ළමයින්ට දායාද කරන්න.හොඳ පෝෂ්‍ය ගුණය තියන කෑම ළමයින්ට දෙන්න.ඒවගේම එක වේලක්වත් කන්න නැති ළමයිනුත් ඉන්න බව එයාලට පෙන්වල දෙන්න.
හා පැටවූ වගේ ඉන්න කපටි නරි ගැන වගේම තමන්ගේ නම රැක ගන්න හැටි කියල දෙන්න.කවදාවත් ළමයි ළඟ නෝහඩන්න.ශක්තිමත්ව ජීවිතේ ජයගන්න හැටි එයාලට කියල දෙන්න.දවසක එයාල ලංකාවේ වැදගත් මිනිස්සු කරන්න.සුරඟන ලෝකවල ජිවත් වෙන අයව නෙවෙයි.පොලවේ පය ගහල ජිවත් වෙන අය කරන්න.
මිනිස්සු ජීවිතේ බලාපොරොත්තු හදාගන්නෙ ඉලක්කත් එක්ක කියල අමතක නොකරන්න.හීන පස්සෙ දුවන මිනිස්සු වගේම හීන නැති එකෙක්ව කවදාවත් නොරවටන්න කියල දෙන්න.
තව එකෙක්ගෙ ආතුට වෙනුවෙන් කැප වෙන්න උගන්වන්න.තමන්ට නොලැබුන දේ තව එකෙක් ලබාගද්දී නිහතමානීව ඒ සතුට විඳින හැටි සහ හිනාඅක් නැති මිනිසකුට හිනාවක් දෙන්න පුරුදු කරන්න.මම නවතිමි.
තෙරුවන් සරනයි
.-ලසා-
ලසන්ත නිර්මාල් ලියනගේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment