පිරිමි අඬන්නෙ නෑ කිව්වොත්
ඒක බොරුවක්
පිරිමි ලෝකේ ඉස්සරහා පේන්න ඇඬුවොත්
ඒකත් බොරුවක්
පිරිමිත් අඬනවා....
හැබැයි ඒ මහ වැස්සක
තෙමි තෙමී වැස්සට යටින්
ඇස් අගට එද්දිම කඳුළු
කම්මුල් දිගේ බේරිලා යනවා පිරිමින්ගේ දුක
අහලා බලපං
මහ රෑක පිරිමින්ගේ කාමර අස්සේ
රිංගන සුළං රැල්ලකින්
පිරිමින්ගෙ හුස්ම වල බර
ගොරෝසු පපුවක හිර කරගත්ත
පිරිමි කවදාවත් කියන්නෙ නෑ
පිරිමින්ගෙ සෝ සුසුම් වල තැවරුන
කඳුළු රස
ඒ තමයි පිරිමිකම....
සල්ලාල රස්තියාදු වේවා
මත් වෙලා සත්තු වගේ වේවා
අමුනුස්ස ආවේෂයෙන් වේවා
වියරු වී කැළඹිලා වේවා
පිරිමි කොයි මොහොතේ
මොන අයුරකින් ඉන්නවා වේවා
ඒ පිරිමි
වෙඬරු පිඬක් තරමට
සංවේදි කරන්න
සමහර හඬවල් වලට පුලුවන්
සමහර බැල්මකට පුලුවන්
සමහර චරිත වලට පුලුවන්
පිරිමිකම අස්සෙන් ගලාගෙන එන
කඳුළු දකින්න නම්
පිරිමියෙක් සංවේදී උන වෙලාවක
පපුවට තුරුල් වෙලා
ඒ පපුව ගැහෙන හඬ අහන් ඉන්න
ඕනිම කෙනෙකුට පුලුවන්
ඉතින්
පිරිමිත් අඬනවා
හරි හෙමින් කාටත් හොරෙන්
#වැඩියෙන්ම_ආදරේ_එකෙක් ❤✌️
- අකුරු -
No comments:
Post a Comment