Pages

Wednesday, July 3, 2019

සීනිබෝල ආදරවලට උඹ හරි පෙරේතයි

අයිති නැති තැන්වලින් හෙමි හෙමින් යා යුතුමයි
උඹ එයාව හොදින් රැකගනී..මට බලාපොරොත්තු එමටයි..❤


දන්නවාද ... එයාට ඉන්නේ අම්මා විතරයි
මගේ ළගට එනකොට ජීවිතේම නන්නන්තාරයි
අහිතක් හිතන්න එපා.මේ,පපුවේ හිස තියපු තැන් අනන්තයි...
ඔයාට කිව්වද මන්දා..මටත් හිටියේ එයා විතරයි..😢

මඟඇරෙන තැන් වලින් නවතින එකද ආදරේ..
ඇත්ත.. මට නිතරෝම හොයලා බලන්න බැරි වුණා. ඒකයි කාරණේ ...☹️☹️

හය හතර වෙන්කරලා මම එයාට ඉගැන්නුවා පාඩම...
අඩිය අඩිය තියලා නැගිටිනකොට.. තමයි ජීවිතේ ලස්සන..
ටික ටික හිනාවෙන් පිරෙන කොට ඒ කම්මුල...
හැමදාම මට පින් දුන්නා .."රත්තරන් උඹ හින්දයි මේ සේරම  "😢😢

ඉතින් මම තරහ වෙන්නේ කොහොමද ...?
"මම නැතිවුණොත් මැරෙනවා..අම්මා පල්ලයි" කියලා දිව්රුවම....

එයා....
රෑ එළිවෙනකන්.ඔයත් එක්ක.ලයින් එකේම නිදාගන්න එකද  ප්‍රේමය..
පැයට තුන් හාරසීය මැසේජ් එවන එකද ප්‍රේමය  ..
ඔයා කන්න මමත් කෑවා කියන එකද ප්‍රේමය....
මම නිදාගන්නද..ඇවිත් මැසේජ් එකක් තියන්න දෙයියෝ...කියන එකද ප්‍රේමය 🙂🙂
නෑ...බබා...ඔයාට වැරදුණා....

මම...
හැමදාම හිටියා ඔයා කනකන්...
නොකිව්ව⁣ට....
මුර කරා වෝල් එක උඹ ඕෆ් ලයින් යනකන්...

දැන්,ඉතින් ඕවා වැඩක් නෑ..
උඹ අනුන්ට අයිති හීනයක් වෙලා ඉවරයි
ජීවිත වලට මිනිස්සු එනවා යනවා ඒක අරුමයක් නෙවෙයි
⁣මං නැතත් උඹ සතුටින් ඉන්න ඕන හේතු අනවශ්‍යයයි...
දන්නවද....
එයා උඹව රවට්ටයි...මට හිතෙන්නෙම එහෙමයි....

සීනිබෝල ආදරවලට උඹ හරි පෙරේතයි...
තේරුම් ගන්නේ කවදද..බොළද වෙලා ජීවත් වෙන එක මෝඩයි....

ධරණී

1 comment: