Pages

Saturday, July 6, 2019

#ගාමන්ට්_කෙල්ලෙක්....!



ඒ ලෙවල් ලිව්වා ඒ දෙකයි බී එකයි
තාත්තා ගහෙන් වැටෙද්දි නංගිට මාසයයි
ජපුරට තේරුනත් අම්මට විතරක්ම මේව හරි බරයි

උපාදි ඕනෙ නෑ අම්මෙ ගාමන්ට් මට හොඳයි

රෙදි මල්ලෙ දාගෙන උඹලගේ කඳුළු
ගමෙන් නැව් නැග්ගා මං පිච්චෙද්දි ඇට මිදුළු
කවුරුත්ම නැති නගරයක දැල් බදින මකුළු
රැකිලා ඉන්නෙ මං උන්ගෙ හිත්පිත් නැතිලූ

පාන්දර නැගිටිද්දි රිදෙනවා අම්මේ දුවගෙ මස් ගොබ
එක දිගට මහනකොට වේදනාවට වෙලා ඇස් බොඳ
වැඩපොලේ මහ එවුන්  මූණටම කියනවා #මරු_කඳ
මේ ඔක්කොම ඉවසන් ඉන්නේ පායනකල් අපිට හඳ

යටිබඩ පෙරලනකොට මාසයක් ගානේ
පාංකඩ කෑලි මේ හිඟන්නිට සහනේ
සොච්චම් පඩියකට සැප දෙන්න බැහැනේ
තාත්තගෙ තෙල් බෙහෙත් වලටමයි නැහුනේ

දුවෙක් වී ඉපදිලා මේතරම් කැප උනා
බැරිවෙලා වත් පුතෙක් උනා නම් දන්නවා
දෙකොන ගැට ගහල හරි ජීවිතේ දිනනවා
අසරණී අම්මේ උඹෙ කොළඹ රෙදි මහනවා

කසාදෙට දෑවැද්ද යාළුවෝ හොයද්දී
මං ගෙදර කුස්සියට හාල් පොල් හොයද්දී
කාගෙ කාගෙත් හෙලුව අපෙ අතින් මැහෙද්දී
වාවන්න බෑ හිතට මධුසමය නොඑද්දී

පාරන්න දෙයක් නෑ කොහොමත් රිදුම්කන
මං වගේ තව එවුන් ඉන්නවා කඳුළු බොන
පෙකනිවැල කැපූ දා ඉඳන් දහ දුක් විදින
අපිට නිවනක් කෙහෙද අම්මෙ ලය ගිනි නිවෙන

#වැඩියෙන්ම_ආදරේ_එකෙක් ❤✌️

- අකුරු -

No comments:

Post a Comment