"කැම්පස් එකෙන් වෙලාසන ආවද?
"ඔව්,උදේ වරුවෙ හිටියෙත් හරි අමාරුවෙන්..පාලුත් වගේ..."
"එච්චර සෙනගක් මැද්දෙ කොහෙද පාලුවක්?"
"එහෙමනේ..දහස් ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ කියල සින්දුවකත් තියෙන්නේ"
"ඉතින් පාලුවට කෙනෙක් කැම්පස් එකෙන් හොයා ගන්න එපැයි"
"කෙනෙක්ව ඕනි පාලු මකන්ඩ විතරක් නෙවෙයි..ජීවිතේ හැමදේම කතා කරන්න.බෙදාගන්න.එකට කන්න බොන්න.එකට ගමන් යන්න.එකට සතුටු වෙන්න එකට දුක් වෙන්න.අසනීප උනාම ලගින් ඉන්න.දුක අහන්න. හැමදේටම.. පාලු මකන්ඩ නම් ඕන කෙනෙක්ට පුලුවන්.ඒත් අර හැමදේම කරන්න හැමෝටම බෑ..."
"එහෙම කෙනෙක් ඉතින් ලැබෙයිද..එකට කන බොන එකට වැටිලා දුක් විදින කෙනෙක්.."
"වාසනාවක් තියෙනවා නම් ලැබෙයි.ගොඩක් අය වාසනාවන්ත නෑ"
"වා..ස..නා..ව..ක් ඇති ඉතින්..පවු කරලා නෑනේ"
"එහෙම ලැබෙන්න කියලා පතනවා..අයි විශ්"
"ම්.."
"ඔයා එහෙම අවාසනාවන්ත කෙනෙක් නෙවෙයි.හොද අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා..හොඳ මල්ලියෙක් ඉන්නවා.."
"ම්...හොද යාලුවෙකුත් මට ඉන්නේ"
"එහෙම හිතනවා නම් සතුටුයි.තැන්කියු සෝ..මච්"
"යාලුවන්ට තැන්කියු කියන්න එපා.දුරයි වගේ"
"තේරුණා.."
ඔවුන් සෑහෙන තරම් දුරක් ඇවිදගෙන ගියෝය..එකම ලතාවකට එකම රටාවකට කෙනෙක් සමග පියවර මැනිය හැකිද? ඒ තරම් රිද්මයක් තමා තුල ඇති බවක් ඇය දැනන් උන්නේ නැත......
madu
madu
No comments:
Post a Comment