Pages

Thursday, March 19, 2020

ඒකපාර්ශ්වික ප්‍රේමය යි ලස්සන


--------------------------------------------------------
ප්‍රේමය හුගක් තැන්වල ඕනෙවටත් වඩා ඒකපාර්ශ්වික යි . සමහර තැන් වලදි අපි අසරණ වෙන තරම් ප්‍රේමය ඒකපාර්ශ්විකව රිද්දන තැන් කොපමණද..?
ආදරේ නොලැබුණු කෙනෙක්ට නෙමෙ ආදරේ කරල ඒ ආදරේ නොලැබුන ඒත් ඒ ආදරේ ට ආදරේ කරන කෙනෙක්ව මුළු ලෝකෙම කරන් අපි ආදරේ කලොත් අපිට සාම්ප්‍රදායික ප්‍රේමවන්තයන් වගේ ආදරේ කරන්න බැරිවෙයි . ඒවගේ සතුටු වෙන්න බැරිවෙයි .සමහර විට ආදරේ ඇතුලෙ දෙන්නෙක් විදින හිනාව ලබන්න බැරිවෙයි..
ඒත්, කලින් තමන් පණ වගේ ආදරේ කරපු රැකගන්න හීන මවපු කෙනෙක්ට තවමත් හිත ඇතුලෙ හංගගෙන ආදරේ කරන කෙනෙක් ට අපි පණ වගේ ආදරේ කරනවා! අපි එහෙම කෙනෙක් ගෙන් පෙරලා ඒ වගේම ආදරේ බලාපොරොත්තු වෙන එක හරිද..? ඒක ඇතුලෙ පට්ටම ආත්මාර්ථකාමිකමක් තියෙනවා.. හැබැයි අපි ඒ කෙනා දුක් විදින වේදනාව ටිකෙන් ටික මකනව,නම් ඒ ඇතුලෙ අපිට හිනාවෙන්න පුලුවන් නම්, ඒ ආදරේ නෙමෙයිද..?ඒත් අපි එහෙම අය හිනස්සන්නෙ සතුටු කරන්නෙ මගේ කරගන්න හිතාගෙන.. මන් දෙන ආදරේ පෙරලා මට ලැබෙන දවසක් මගබලාගෙන.. ඒ ආදරේ දැනෙන දවසක් එනකම් මගබලනවා.. ඇත්තටම ලංවෙන්න බැරි හිත් වලට අපිට පුලුවන් ද අත් හැරල ආදරේ කරන්න . එහෙම කලත් අපිටම එපාවීමක් එනවා.. එදාට ආයාසයෙන් අපි ජීවිතේ අත් හරිනවා! එතැන අපිට වැරදෙනවා . අපි අපිව අයාලෙ යන්න අරිනවා.. අපේ හිතට මැරෙන්න ඉඩ අරිනවා..
ප්‍රේමය !
ඇත්ත , පරිත්‍යාගය ක් තමයි..
ඒත්, අපි පරිත්‍යාග කරන ප්‍රේමය ගැන මොනවද දන්නෙ..? අපිට නැතිවෙයි කියන බයට අල්ලගෙන ඉදල අත් හැරුනම , නැත්තම් මොන හරි හේතුවකින් අත් හරින්නම උනාම අපි ප්‍රේමය පරිත්‍යාගය ක් කියනවා.. ඒත් අපි කොයිතරම් පටුද.? අපි විශ්වීය ආදරය ඇතුලෙ මගේ කියල ලේබල් කරගත්ත කතාවක් රාමු කරගන්නවා..
මං විශ්වාස කරනවා..
ආදරේ හැමතැනම තියෙනව.. සමහර ආදරයන් ලස්සනයි , සුන්දරයි, ආදරනීයයි..
අසීමාන්තික යි!
ඒත් අපි දුක් විදිනවා.........ආදරේ කියන ලේබලය ඇතුලෙ.......!
ඉතින්, හීන ලොප් කරපු තැනක ඉදන් බලාපොරොත්තු විරහිතව මං නුඹට ප්‍රේම කරනවා! නුඹ නුඹේ ම ලෝකයක් හදාගනිද්දි කදුලකින් තොරව හිනාවෙන්න ඇත්තටම අම්මෙක් දරුවෙක් උපේක්ෂාවෙන් අත් හැරීම වගේ , නුඹේ සතුටෙදි නුඹට වඩා සතුටු වෙන්න නුඹේ දුකේදි නුඹ අත් නොහැර ලග ඉන්න , ජීවිතේ ලස්සන වෙද්දි ඇත්තටම සතුටු වෙන්න තරම් මං හිත දියුණු කරනවා නම් ඒ ප්‍රේමය ම විය යුතුය.
මං එයට නමක් ලියනවා..
මං විශ්වාස කරනවා..

ඒතමයි "ප්‍රේමය"
අනුදිකා වික්‍රමසිංහ

No comments:

Post a Comment