මං නුඹව අඳුරගන්න කලින් ඉඳන්ම නුඹ ගැන ටිකක් අහලා තිබ්බා..
අපි නොදැක කතා නොකර හිටියත් මිතුදමකට එහා ගිය බැදීමක් අපි අතර තිබුනා..ඒත් මං නුඹ ගැන හරියටම දැනගත්තේ එෆ්බී එකෙන්..මගේ එක පුරැද්දක් තිබ්බා ටිකක් විශේෂ අයගේ එකවුන්ට් එක ටිකක් වැඩිපුර බලලා අතීතේ වතගොත හොයන එක..ඕපාදුප හොයනවා කියලා හිතන්න එපා...සමහරක් අයගේ මුළු ජිවිතේ ම සාරාංශගත කීරීමක් තමයි එෆ්බී එකවුන්ට් එක කියන්නේ..සමහරක් විට නුඹත් ඒ වගේද කියලා මට දැන් හිතෙනවා..
මට මතකයි මං නුඹේ එෆ්බී එකවුන්ට් එක බලපු මුල් දවස..නුඹ හරිම නිහඬ පුද්ගලයෙක් ..වැඩිය කාත්එක්කවත් කතාබහ නොකරපු..කාලයක් යද්දි නුඹේ හිතටත් ආදරේ කියන හැගීම දැනිලා තියෙනවා.. ආදරේ ගැන ලියවුනු ලස්සන පෝස්ට් නුඹේ එකවුනට් එකේ ශෙයා වෙලා තිබුනා මට මතකයි..ඉතිං කාලයක් යද්දි ඒ ආදරණීය හැඟීම්වල අයිතිකාරිය නුඹේ පෙම්වතිය වෙලා..මාස කිහිපයකට පසු විත් මයි ලව් කියලා ඇයත් එක්ක නුඹ ඉන්න ලස්සන කපල් ෆොටෝ එකක් දාලා..ඒක දැක්ක ගමන් මට හිතුනා මාර මැචින් කපල් එකක් කියලා..ඊට පස්සේ නුඹේ වෝල් එක පුරාම තිබුනේ විරහව ගැන ලියවුනු කවි,පෝස්ට් විතරමයි...නුඹ කියන්නත් පෙරම ඒක ගැන මට තේරැනා..ඇත්තටම ඇය නුඹව දාලා ගිහින්,වෙන හිතක නතර වෙලා..මට මතකයි මං දවසක් කිව්වා දුක තිබ්බත් ඒ දුක මිනිස්සුන්ට පෙන්නන්න යන්න එපා කියලා..ඔව් නුඹ ඒක කරා..
නුඹ යථාර්ථවාදී වුනා..ඊට පස්සේ එෆ්බී වෝල් එක පුරාම තිබුනේ ජිවිතේ ගැන, යථාර්ථය ගැන ලියවුනු පෝස්ට්..මට හිතුනා දැන් නුඹ ජිවිතේ ගැන අළුතින් හිතන්න පටන් අරන් කියලා..ඒත් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත කියලා දැන් මට හිතෙනවා..
දැන් නුඹ තනිකරම ජෝක්කාරයෙක් වෙලා..මට තේරුම් ගන්න බැ..සමහරක් විට නුඹ ඔය කරන්නේ මවාපෑමක් .. සතුටින්,සැහැල්ලුවෙන් ඉන්නවා කියලා මිනිසුන්ට පෙන්වීමක්..මට නම් හිතෙන්නේ ම හා හා ඉමෝජි එක්ක හඬන නුඹේ හදවත..
ජිවිතේ කියන්නේ ඒක නෙමෙයි රත්තරං..අපි හිනා වෙලා ඉන්න ඕන ..ඒත් ජිවිතේ ගැන මීට වඩා හිතමු..නුඹ දැන් ඉන්නේ ජිවිතේ හොදම කාලේ..ඉතිං නුඹම තීරණය කරන්න මිනිස්සු හිනස්ස හිනස්ස හැමදාම මේකට වෙලා ඉන්නවද..ජිවිතේ අළුතින් පටන් ගන්නවද කියලා..
ආදරේ මඟහැරැනාට..
ජිවිතේ මඟහැරෙන්න දෙන්න එපා..
එච්චරයි ...
✍️ නිරොක්ෂි ජෑන්ස් .
No comments:
Post a Comment