Pages

Sunday, February 3, 2019

මම_මැරුණහම😊

ආරංචි උන ගමන් යාලුවෝ හැමෝටම කියලා මහ රෑ කීයට හරි දුවගෙන වරෙන් අපේ ගෙදරට😊


දවස් හතේම කකා බිබී
අපේ ගෙදර ඉදපන්,

මිණිය කපන්න දෙන්න එපා බන්
ඇගේ තියෙන හොද හොද කෑලි ටික දීපන් තවත් ජීවත් වෙන්න දගලන මනුස්සයෙක්ට,

ලස්සනට කෝට් එකයි සුදු කමිසෙයි අන්දලා ඒකට මැච් වෙන්න බෝ එකක් දාපන්,
කොන්ඩේ මේ තියෙන විදියටම තියපන්,

අඩුම මිණී පෙට්ටියෙන් මාව ගෙදරට ගෙනපන්,
මල් වඩම් ඕනි නෑ,

ෆේස්බුක් එකෙන් හොයලා ලස්සනම ෆොටෝ එකක් අරගෙන බැනර් එකම එකක් ගහපන් තඩියට,
පාර පුරාවට ලයිට් කනු වලයි තාප්ප වලයි පෝස්ටර් අලවන්නත් එපා කොහොමත්,

උඹලා එක්ක ජීවිතේ ගෙවුන් කාලේ මතක් කරපන් හොද අඩියක් ගහන ගමන් මං ගැන කිය කිය හිනා වෙන ගමන්,

උඹල අඩන්න ඕනි නෑ,
ලස්සනට ඇදලා වරෙන් මාව බලන්න,

එකෙක් දෙන්නෙක් අල්ලගෙන බයිට් කරපන් ඇති වෙනකම් ඕමියක් කැරමක් ගහන ගමන්,

අනිවාම කෑලි එයි ඇති වෙන්න,
මගේ මලගම කියලා නිකන් ඉන්න එපා,
හොදම කෑල්ලක ලයින් කරලා දාගනින්,

සුදු කොඩි දාන්න එපා කොහොමත්,
කවි හදන්නත් එපා,
මොකද අම්මට ඕවා අහන් ඉන්න බෑ මම දන්නවා ඒක කොහොමත්,

ෆේස්බුක් එකේ පෝස්ට් දාපන් ඇති වෙනකම්,
ජොයින්ට් එකක් ගහන ගමන්,

මතක ඇතුවම මගේ ෆෝන් එක කුඩු කරලා හරි රීසෙට් හරි කරපන්,
මගේ ලස්සන ලස්සන ඇදුම් උඹලා ගෙනිහින් ඇදපන්,
බය වෙන්න එපා ඒවා ඇන්දා කියලා මම උඹලගේ පස්සෙන් එන්නේ නෑ කොහොමත්,

මගේ බයික් එක ලෙල්ල යනකම් පැදපන් ඒ දවස් ගානටම,
වීල් ගහපන් ඇති වෙනකම්,😂

ලොකු ලොකු හාමුදුරුවෝ ඕනි නෑ,
එකම එක හාමුදුරු නමක් වඩම්මලා මගේ අවසන් කටයුතු කරපන් චාමෙට,

සැට් එකේ ඉන්න යාලුවෙක්ට කියපන් අනිවාර්යයෙන්ම මයික් එක අරන් කතාවක් පවත්තන්න කියලා,
විශේශයෙන් කෑව බිව්ව ඒවා,
කෙල්ලෝ පස්සේ ගිය ඒවා කියලා,
පොඩ්ඩක් මූඩ් අවුලෙන් ඉන්න කට්ටියව මොහොතකට සතුටු කරවන්න කියපන්,

සුදු ඇදගෙන එන්න එපා,
වෙඩිමකට යනවා වගේ ලස්සනට ඇදලා වරෙන්,

සෙනග එයි ඇති වෙන්න,
ඒ එන මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න අපේ අම්මට පොඩ්ඩක් උදව්වක් කරපන්,

සමහර විට මාව එපා කියලා දාලා ගිය එවුන් එයි
උන් දිහා බලලා බුම්මගෙන ඉන්න එපා,
උන් එක්ක කතා කරලා සතුටින් තියපන්,

මට බෑ වාහනයක් ඇතුලට වෙලා හිර වෙවී යන්න
අනිවාර්යයෙන්ම උඹලගේ කරේ තියාගෙන අරන් පලයන්,
හීනියට පෙට්ටියට තට්ටුවක් දදා චාමර අයියගේ සිංදු ටිකක් ගහපන් කාටවත් ඇහෙන්නේ නැති වෙන්න,

සොහොන් කොත් හදන්න එපා,
මාව නිකන් වලලපන්,
අම්මට දාන්න දීපන් මුල්ම පස් ටික,
ඊට පස්සේ අතින් උඹලා දාන්න ඕනි නෑ,
උදැල්ලක් අරගෙන සට සට ගාලා මාව වහලා දාපන් පස් වලින් තද කරලා,

මතක ඇතුව අම්මව පරිස්සමෙන්
ගෙදර අරන් ගිහින් හිත හදපන්,

බොරුවට ඉටිපන්දම් ගහන්න එපා,
මාසෙකට පාරක් එතන සුද්ද කරන්නත් එන්න එපා,

හත් දවසේ බණට ඇවිත් හොදට කාලා දානෙටත් ඉදලා දානෙත් කාලා අම්මගෙත් හිත හදලා පලයන්,

ඔය වගේ ගෙදරට එන වාරයක් වාරයක් පාසා අම්මගේ හිත හදලා පලයන් ඒ ඇති හොදටම...

අහා මතක ඇතුව,

සෙට් වෙන වෙලාවට බෝතලෙන් පුංචි උගුරක් මටත් අයින් කරලා තියපන්..
ඈතින්..

හාද?

අනිවාර්යයෙන්ම කරපන්...

මම - ඩිශාන් කෙවිටියාගල(ඩිශා)

හැමෝටම මේවා share කරන්න බෑ..

No comments:

Post a Comment