Pages

Sunday, February 3, 2019

එයා ❤️

සුදු අයියේ මන් ගියානේ
උබේ එකවුන්ට් එකට
හොරෙන්
මැසෙන්ජරේ පිරිලා හිටියේ
පුංචි සුරංගනාවියෝ ටිකක්...
මන් හැඩ නැ උන් තරමට
කලු කැත කෙල්ලෙක් මං
ඉරිසියාව හිත පිරුනා
ගොඩේ කමට මං හැදිලා...
මන් ගත්තම බිසී කියලා
ඉක්මනට තියෙන ඔයා
සුදු මැනිකෙ පැටියො කියා
කෙල්ලො ගොඩාක් නලවනවා...
ෆෙස්බුකියො කෙල්ලොන්ගේ
ස්වීටි සෙල්පි  වලට ඔයා
නංගි පනෙ හරි හැඩයිනේ
කිය කිය ක්මෙන්ට් දාලා...
ඩෙටා ඔයාගේ විතරද
මන් දෙන්නද නයට එකක්
පාලුයි මගෙ වස්තු කැටේ
රැ වෙනකන් චැට් කරමුද...
මට කෙල්ලෙක් හිටියා නගා
වෙන කොල්ලෙක් එක්ක ගියා
ඒ වචනෙට රත්තරනේ
මගේ හදවත පැලිලා ගියා...
සුදු බබීයෝ මේ අහන්න
ආදරෙයිනේ  මන් පැලෙන්න
ඉලග සතියේ දෙන්නම
ගෝල්ෆේස් යමුකෝ නේද...
පළමු පෙමින් හිත රිදිලා
නුඔ සිටියේ කලකිරිලා
මන් හිටියා නුඔ ගාවින්
රන්ඩු වෙවී යාලු වෙලා...
ජිවිතයේ මුල්  හරියේ හිටියේ
ඔයා හිටියේ මාත් එක්ක
රත්තරනේ මේ තරමට
ද්රොහි කමක් නුඔ කලාද..
දවසක නුබ හට ආයෙත්
මා ගැන මතකෙට ආවොත්
මල් දෝතක් රැගෙන ඇවීත්
මගේ සොහොනේ තියලා යන්න...
බුදු හිමියනි මේ අහන්න
නුඔ අයෙත් මෙහේ වඩින්න
සත්තයි මන් එනවා දුවන්
මේ සසරින් එගොඩ වෙන්න....

නුවනා ❤❤
තෙරුවන් සරණයි .

(හොදයි නම් ශෙයා කරන්න තව කෙනෙකුට දකින්න .

No comments:

Post a Comment