" අයියා ජොබ් එකකට යන්න දෙන්නෙ නැහැනේ "...
"හපෝ මට නම් මොකුත් කරගන්න ඕනේ නැහැ අයියට හැමදේම තියෙනවනේ"..
ගොඩක් කෙල්ලන්ගේ පම්පෝරි කතා මම නම් ඕන තරම් අහලා තියෙනවා.අවුරුදු ගණන් තමන්ට මොකවත් කරගන්නෙ නැතුව යමක් කමක් තියෙන එකෙක්ගේ ඇගේ එල්ලිලා ඉදලා අන්තිමට කෙල උනාම මිනිස්සු කියන දේ තමයි..
" සික් අපරාදේ මගේ කාලේ කියලා"..
උබ දුප්පත් පවුලක කෙල්ලෙක් නම් උබ කරන්න ඕනා මායම් දාලා පෝසත් කොල්ලෙක් අල්ලගන්න එක නෙවෙයි.මොකද උඹ වගේම මොලේ මැටි තියෙන ගෑනු කරන්නේ පෝසත් කොල්ලෝ දිහාවට බැල්ම දාගෙන ඉන්න එක.උබ ඉන්නේ මැටි ගහපු පොඩි ගේක නම් අම්මා උයන්නේ දුම් ගහන කුස්සියේ නම්..පවුලේ ලොකු ගෑනු දරුවා උබ නම් මුලින් උබේ ගෙදර ආර්ථිකය හදපන්..උබ ශක්තිමත් ආර්ථිකයක් තියෙන ගෑනියෙක් වෙයන් අනුන්ගේ සල්ලි වලට නැට්ට වනන බැල්ලියෙක් වෙන්න එපා.කොල්ලෝ නැති පවුල් වල කෙල්ලෝ ඕන තරම් පවුල් ගොඩ ගන්නවා.කෙල්ලෝ ගාමන්ට් ගිහින් මැටි ගෙදරක හිටපු අම්මා සිමෙන්ති ගේකට ගන්නවා..ඉගෙනගෙන රස්සා කරලා දුප්පත් කියන නාමය පවුලෙන් කෙල්ලෝ අයින් කරනවා..උබත් එහෙම කෙනෙක් වෙයන්.
" මට ඕන ඔයා විතරයි"
ගොඩක් උන් ඔය වැල් බයිලාව ගහනවා බං..ඉන්නවා කෙල්ලගෙ පවුලේ තත්වය නොබලන ..ඒත් නිකමට කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් එක්ක කතා කරපන්
" අපේ පුතාට හොද තැනකින් බලන්න ඕනා කෙල්ලෙක්"
හොද තැන් කියන එකේ තේරුම් ගොඩයි..උබ පුතා කියන දේ අහන ඉන්න කෙනෙක්ද කියලා සමහර නැන්දම්මලාට අදාල නැහැ ..බලන්නේ උබේ පවුලේ තත්වය ආර්ථිකය ...සමහර නැන්දම්මලා ඉන්නවා පවුලේ එකෙක් නැහැ රජයේ ජොබ් එකක් කරන ඒත් පර්ම්පරාවේ ඉන්න සල්ලිකාරයෙක් ඩොක්ට කෙනෙක් අල්ලන්
" අපේ පවුල් වල ඉන්නේ වැදගත් මිනිස්සු '
කියලා ඔලුවෙන් ඉන්නේ..බැදලා ගියත් උබ අතේ කිසි දෙයක් නැතුව ..ජොබ් එකක්වත් නැතුව සමහර නැන්දම්මල ඇගට නොදැනී නෝක්කාඩු කියනවා ..
" උඩහ ගෙදර කොල්ලා බදින්න ඉන්නේ හොද තැනකින් ..ඉඩමකුත් දෑවැද්දට දෙනවලු"..
ඔන්න ඔය වගේ වචන කියලා හිත් රිද්දන්න සමහර නැන්දම්මලා හෙනම දක්ශයි..
මුලදි ඔයා විතරයි ඕනා කිව්ව සමහරු තමන්ගේ පවුලේ උන්ගේ කීමට වෙනස් වෙනවා..හෙමීට හේතු හදන් අයින් වෙනවා..
උබට අතපය හතරක් තියෙද්දි උබ නැති එකියක් කියලා එක එකාගෙන් කතා
අහනවද?..තමන් දෙයක් කරන් තමන්ගේ ජීවිතේ හදාගන්නවද කියලා උබම හිතපන්..මේක හැමෝටම අදාල දෙයක් නෙවෙයි
උපුටා ගැනීම - ලමිස්සි පේජයෙන්
No comments:
Post a Comment