මට නුඹ ගැන තිබුනේ ආත්මීය වෙන්වුනු ආදරණීය හැඟීමක්..නුඹ ළඟ සිටියත්,නැතත් ඒ හැඟීම වෙනස් වුනේ නෑ..
බොහෝ දවස්වලට මට නුඹත් එක්ක
කතා කරන්න ඉඩක් නැති වුනා..කතා කළත් ඒ පුංචි විනාඩියෙත් අහන්න දහසක් ප්‍රශ්න මට තිබුනා.. ඉඳහිටක ලැබෙන ඇමතුමක වුනත් ආදරය මිස ඊට එහා ගිය අමුතු හැඟීමක් තිබුනේ නෑ.ආදරය කියපු දා ඉදන් එකම එක සැරයක් හැරැණු කොට තවම අපිට හමුවෙන්නත් බැරි වුනා..
ඇත්තටම මේ දුරස් බව ඉඳුරන් නිහඬව සංසුන් කරා..නොසන්සුන් වෙවී මත් වෙන්න තරම් තාවකාලික බැදීමක් අප අතර තිබුනේ නෑ..අප අතර තිබුනේ ආත්මීයව වෙන්වුනු ආදරයක්..ගව්ගානක් දුරින් සිට්යත් අපේ හිත් ඒ ආදරය වෙනුවෙන් හැම තත්පරයකම ඇපකැප වුනා.. ඒ ආදරය හිතේ ඇවිලෙන හැම හැඟීමක්ම ආදරයෙන් නිව්වා..
රාගයෙන් තොර ප්‍රේමයක්
අවිනිශ්චිත නෑ..
හිතට හිත අවංකනම්
ඒ ප්‍රේමය සදාකාලිකයි...
✍️ නිරොක්ෂි ජෑන්ස් .
No comments:
Post a Comment