දිනක් මගදී ඔය දෑස දැක
නැගූ ඒ සිනාවන්
ටික දිනයකින් පෙම්වතුන් වී
දෑසින් ඉඟි කරන්න ගත්ත හැටි
මතකයිද ඔයාට...
රණ්ඩු වෙවී තරහා වෙවී
ආයෙත් යාලු වෙලා
පෙම්වතුන් ලෙස ගෙවී ගිය
ඒ සුන්දර කාලයේදී
ඔයා මගේ පතිනිය වෙලා
මගේ පුංචි මාලිගයට
කැන්දන් එන දවසක් ගැන
සත්තකින්ම මම හීන දැක්කා...
ඒ හීනය හැබෑ වෙලා
මගේ පුංචි කෙල්ල ලස්සන මනාලියක් වෙලා
මගෙ ලඟට ආව දවසේ
මේ ඇස් තෙත් වුනේ
එදා මම දැක්ක පුංචි අහිංසක කෙල්ල
දැන් මගේම නේද කියලා මතක් වෙලා....
ගෙවී යන තප්පරෙන් තප්පරය
අපේ මේ බැඳීම අපේ ආදරය
වයසට යනවා උනාට
ඔයාගේ ආදරේ එක්ක
මට හිතෙන්නෙම අපි තාමත්
ඔයා මම හමු වුනු ඒ
මල් පාරෙ ඇවිදන් යනවා කියලයි...
මගේ මුලු ජීවිතේම වෙලා
මගේ ලෝකේ ලස්සන කරන්න ආව ඔයා
හැමදාමත් මගේ හිනාවේදී
මා එක්කම හිටියා වගේම
මගෙ දුකේදී මට හිනා වෙන්න
හේතුවක් දුන්නා...
මගේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න
ඔයා මට දුන්න ලොකුම තිළිනය
ඔයාගෙයි මගෙයි පුංචි සුරංගනාවි
අපේ බැඳීම තවත් ශක්තිමත් කරනවා
තව තව ලස්සන කරනවා...
මගේ පුංචි කෙල්ල මට දුන්න
මේ හැම දේටම
මම කොහොමද ණය ගෙවන්නෙ
අපේ බෝනික්කි එන දවසේ
ඔයාගෙ ඔලුව අතගාන ගමන්
මම හිතුවේ ඒකයි මැනික....
අදටත් ඔයා මගේ ලඟට එනකොට
යටිපතුලෙන් පටන් ගන්නා
හීන් හිරියක් මගේ පපුව පසාරු කරන්
ඇඟ පුරාම විහිදිලා යන්නේ
ඔය වෙනසක් නැති ආදරයේ
රසය දැනිලාම තමයි...
මේ හිටියා වගේම මේ ආත්මෙත් ලබන හැම ආත්මයකමත් ඔයා මගේ මං ඔයාගෙ අපි අපේ වෙලා ඉපදෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ මැනික..
ආදරෙයි මං මගේ කෙල්ලට මේ හුස්ම තියෙනකන්ම..
-රපුන්සල්-
ආයෙත් යාලු වෙලා
පෙම්වතුන් ලෙස ගෙවී ගිය
ඒ සුන්දර කාලයේදී
ඔයා මගේ පතිනිය වෙලා
මගේ පුංචි මාලිගයට
කැන්දන් එන දවසක් ගැන
සත්තකින්ම මම හීන දැක්කා...
ඒ හීනය හැබෑ වෙලා
මගේ පුංචි කෙල්ල ලස්සන මනාලියක් වෙලා
මගෙ ලඟට ආව දවසේ
මේ ඇස් තෙත් වුනේ
එදා මම දැක්ක පුංචි අහිංසක කෙල්ල
දැන් මගේම නේද කියලා මතක් වෙලා....
ගෙවී යන තප්පරෙන් තප්පරය
අපේ මේ බැඳීම අපේ ආදරය
වයසට යනවා උනාට
ඔයාගේ ආදරේ එක්ක
මට හිතෙන්නෙම අපි තාමත්
ඔයා මම හමු වුනු ඒ
මල් පාරෙ ඇවිදන් යනවා කියලයි...
මගේ මුලු ජීවිතේම වෙලා
මගේ ලෝකේ ලස්සන කරන්න ආව ඔයා
හැමදාමත් මගේ හිනාවේදී
මා එක්කම හිටියා වගේම
මගෙ දුකේදී මට හිනා වෙන්න
හේතුවක් දුන්නා...
මගේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න
ඔයා මට දුන්න ලොකුම තිළිනය
ඔයාගෙයි මගෙයි පුංචි සුරංගනාවි
අපේ බැඳීම තවත් ශක්තිමත් කරනවා
තව තව ලස්සන කරනවා...
මගේ පුංචි කෙල්ල මට දුන්න
මේ හැම දේටම
මම කොහොමද ණය ගෙවන්නෙ
අපේ බෝනික්කි එන දවසේ
ඔයාගෙ ඔලුව අතගාන ගමන්
මම හිතුවේ ඒකයි මැනික....
අදටත් ඔයා මගේ ලඟට එනකොට
යටිපතුලෙන් පටන් ගන්නා
හීන් හිරියක් මගේ පපුව පසාරු කරන්
ඇඟ පුරාම විහිදිලා යන්නේ
ඔය වෙනසක් නැති ආදරයේ
රසය දැනිලාම තමයි...
මේ හිටියා වගේම මේ ආත්මෙත් ලබන හැම ආත්මයකමත් ඔයා මගේ මං ඔයාගෙ අපි අපේ වෙලා ඉපදෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ මැනික..
ආදරෙයි මං මගේ කෙල්ලට මේ හුස්ම තියෙනකන්ම..
-රපුන්සල්-
No comments:
Post a Comment