සමහරක් පාස් වෙන් නැති
සමහරක් ෆේල් වෙන් නැති
ඒත් හිතපන්.උඹ ෆේල් උනාද?
ඒත් ඒ ජීවිතේද?විභාගෙද?
උඹම හිතපන්
උඹට ඔය ලැබුන පරාජයෙන් උඹ ජීවිතෙත් පරාද කරගන්නවද?
උඹට නැති උනා.ඔව්.උඹට නැති උනා කැම්පස් යන හීනෙ
ඩිග්‍රි ගහන හීනෙ.
ඒත් මතක තියාගනින්.උඹ වැටුන් නෑ.පටන් ගනින් කරන්න උඹ ආසම පැත්තෙන් හොඳ කෝස් එකක්.පටන් ගනින් උඹෙ හැකියාවෙන් හදන්න මොනා හරි වැඩකට ඇති දෙයක්..
උඹ හිතාගනින් උඹේ ජීවිතේ ආයි ගොඩගන්න.පටන් ගනින් ටෙක්,හොටෙල්.රූපලාවන්‍ය,අත්කම් වගේ උඹට පුලුවන් පැත්තකින් ආයෙ නැගිටින්න.
කැම්පස් ගිය එවුන් අවු 5ක් විභාග ලියද්දි,
උඹ ඒ අවු 5 ගනින් උඹෙ හැකියාව උඹෙ අත්දැකීම් දියුනු කරලා උඹ කරන රස්සාවෙ ප්‍රවීනයෙක් වෙන්න.
තාමත් උඹ පරක්කු නෑ.
#අද හිතපන් #නැගිටින්න..
දවසක උන් කැම්පස් ඉවර වෙලා රස්සා හොයද්දි හිතාගනින් උන්ට උඹෙන්ම රස්සාවක් දෙන්න පුලුවන් තැනකට යන්න.පටන් ගනින් බිස්නස් එකක්
දියුනු කරපන් ඒක දවසින් දවස.
වැටෙයි
ඔව් උඹ වැටෙනවමයි..
ඒත් නැගිටපන්.
වෙන එවුන් දික් කරන අත අල්ලන් නෙවෙයි
පොලවට අත තියල මුලු ඇඟේම හයිය අරන්
උඹම නැගිටපන්
අන්න එදාට
.
.
#ඔව්_උඹට_පුලුවන්
ජීවිතේ පාස් වෙන්න...
#දේව්
No comments:
Post a Comment