Pages

Sunday, January 13, 2019

වෙනවුන් වගේ අපි එක දිගට කතා කරේ නෑ..

වෙනවුන් වගේ අපි එක දිගට
කතා කරේ නෑ..
තත්පරයෙන් තත්පරයට මැසේජ්
කරෙත් නෑ..

සැරෙන් සැරේට අපි ආදරේ
කිව්වෙත් නෑ..
මහ රෑ ඇහැරගෙන මුකුළු
කරෙත් නෑ..
එකම දවසක් ඇරෙන්නට
අපි තාම හමුවුනෙත් නෑ..
ළඟම වුන් ඇරෙන්න අපි
ගැන කවුරුත් දන්නෙත් නෑ..
ඒත් මැණික අපි අපිට
හො⁣රෙන් වැරදි කරේ නෑ..
හිතේ ආදරේ පුරෝගෙන
අපි අපි වෙනුවෙන් ජිවත් වුනා..
කාටත් වඩා වැඩියෙන්
අපි අපිටම ආදරේ කරා...
ඇත්තටම මැණික,
නුඹටත් මටත් තියෙන්නේ,
මහ පුදුම love එකක්..


-නිරොක්ෂි ජෑන්ස්-

No comments:

Post a Comment