Pages

Monday, January 28, 2019

නිහඬ පෙම්වතා

ඒ නිහඬ පෙම්වතා කිසි දිනක ප්‍රේමය
වචනයෙන් කියා නැති බව සැබෑවක්.


බොර පාට ඇස් වලින්
ඉඟි නොකල බව සැබෑවක්.

රළු වෙච්ච ඇඟිලි තුඬඟින් පිරිමැද
ප්‍රේමය නොකී බව සැබෑවක්.

#දන්නවද ?
දූවරු දන්නෙ නෑ මේක තාත්තෙක්
කාටවත් නොකියපු කතාවක්.......

ගන්න ගන්න හැම හුස්මෙ ම
පෙනහළු අස්සේ තාත්තලා වෙන් කරගත්තා
දුවෙක් වෙනුවෙන්
ආදරේ පිරවෙච්ච දයාබර හැඟීමක්.

හෙලන හෙලන හැම දා බිඳුවකම
තාත්‍තලා දිය කලා දූවරුන් වෙනුවෙන්
වචන කරන්න බැරි තරමේ නිර්මල ප්‍රාර්ථනාවක්.

ගෙවෙන ගෙවෙන කිසි දවසක
කාටවත් සම කරන්න බැරි ඒ තරම් ආදරයක්.

කිසි විටක නොවෙනස්ව පවතින
උත්තරීතර වුන ඒ තරම් සෙනෙහසක්.

සංසාරෙ ඉපදුනොත්
දුවෙකුට ලබන්න බැරි වෙයි පියෙකුගෙන් මිස
ඒ වගේ ආදරයක් ආයෙමත් කවදාවත්.

#තාත්තා කියන්නේ
කෙටියෙන්ම දුවෙකුට නම් ලෝකයක්.

" තාත්තෙකුගෙන් ඇහුවොත් කියයි "

#දුව_කියන්නෙ_මට_මංදාකිණියක් ....

- අකුරු -

No comments:

Post a Comment