Pages

Sunday, January 13, 2019

මේ උඹ ගැනද?❤️

ලස්සන කෙල්ලෙක් වෙන්න නම්,
Strait කරපු කොණ්ඩෙකුයි,
Red & white mix වෙච්ච pink colur මූණකුයි,
වල ගැහෙන කම්මුලකුයි,
ඕනම ඇදුමකට ලස්සන stylish figure එකකුයි,
දකින හැම කෙනාටම ආස හිතෙන ඇස් දෙකකුයි,
කතා කරද්දි බලන් ඉන්න ආස හිතෙන lips දෙකකුයි,
තිබුණනම් ඇති නේද හොදටම
ඒත්,

ඒක නෙමෙයි නේද ලස්සන
හැමදේටම වඩා,
කෙල්ලෙක් උනාම,
සැලූන් පස්සේ දුවන වෙලාවේ,
ඔන්ලයින් ඉන්න වෙලාවේ,
තමන්ගේ ගෙදර වතු පිටිත් ලස්සනට තියාගන්න පුරුදු වෙන්න ඕනි...
ඉරිච්ච ගවුම් අහක දාලා
කඩෙන් ඇදුම් අරගෙන
ෆොටෝන් කරන වෙලාවේ
මැශිමක් පාගලා ඇදුමක් මහ ගන්න පුරුදු වෙන්න ඕනි...
නෙස්කැෆේ එකක් තොල ගාන වෙලාවේ,
කහට පාට හරි හරියට දාලා
රසම රස තේ එකක් හදා ගන්නත්
පුරුදු වෙන්න ඕනි....
පිටින් පොශ් නොවී ඇතුලින් පොශ් උනු,
මොන ෆැශන් කලත් තෝර බේර ගන්න පුලුවන් ස්මාට් කෙල්ලෙක්
වෙන්න ඕනි..
කාටවත් ලේසියෙන් කිසිම දෙයක
අරගන්න බැරි
පිහාටු නොදෙන ඉබ්බියක්
වෙන්න ඕනි..
සද්දෙ දාන කාසියක් නොවී
වටිනාකමක් තියෙන නෝට්ටුවක්
වෙන්න වැඩ කරන්න ඕනි,
උත්සහ කරන්න ඕනි...
හැම දේකදිම කදුළු ඉස්සර නොකර
හිනාවකින් ලෝකයක් උනත් සනසන්න පුලුවන් මුලු ගෙදරටම
ශ්රියා කාන්තාවක් වෙන්න ඕනි...
අම්මා අක්කා නංගී මිතුරිය
චරිතාංග නිරූපනය කරන
හොද ලැබැදියක් වෙන්න ඕනි...
හැමදේකටම වශී නොවෙන ඇස් දෙහෙකුයි
එකම එක පිරිමියෙක් ගාව විතරක් නතර වෙන හිතකුයි
දගකාරකමත් එක්ක ඉතුරු කර ගත්ත අහිංසක කමකුයි
උතුරන්න ආදරේ දෙන්න පුලුවන් හදවතකුයි,
තියෙනවනම්,
අන්න එදාට අද ඉන්නවටත් වැඩිය
සතුටින්,විනෝදයෙන්,සැහැල්ලුවෙන්
ජීවත් වෙන්න පුලුවන් වෙයි...
නිසැකවම,
-ඩිශාන් කෙවිටියාගල ❤️

No comments:

Post a Comment