දවසක මගේ වෙඩිමත් උඹට කියනවා,
උඹ එදාට අනිවාර්යයෙන්ම එන්න ඕනි,
මම එදාට උඹයි මායි හීන මවපු විදියටම
ලස්සනට ඇදලා ඉන්නවා,
ලස්සන ලස්සන මිනිස්සු ලස්සනට ඇදලා එනකොට උඹත් එන්න ඕනි ලස්සනට ඇදලා,
තෙරුනාද?
උඹ දකින්න ඕනි මම හිනා වෙලා ඉන්නවා,
උඹ දකින්න ඕනි මම නිසා තව මිනිස්සු දෙන්නෙක් එදාට හිනා වෙනවා,
කප්පරක් හීන ඔලුව මතට පතබාලා
එක පාරටම
පයට පෑගෙන දූවිල්ලක් තරමට උඹ මාව විවේචනය කරලා ගිය වෙලාවේ උඹ හිතුවෙම මගේ ජීවිතේ වැටෙයි කියලා නේද?
මම නන්නත්තාරේ යයි කියලා නේද?
උඹ දන්නවද?
මටත් කර කියා ගන්න බැරි කාලයක් තිබ්බා,
ජීවිතේ ඔහේ ගෙවිලා ගිය කාලයක් තිබ්බා,
උඹ එයි කියලා හිත හිත ඉදපු කාලයක් තිබ්බා,
හැබැයි මගේ හිතේ විතරයි ඉඩ තිබ්බේ
උඹේ හිතේ මං ගැන වගක්වත් තිබ්බේ නෑ,
වෙනදට උඹේ කෝල් මැසේජ් වලින් පිරිලා තිබ්බ ෆෝන් එක
ඔහේ තියෙන්නම් වාලේ තිබ්බ කාලයක් මටත් තිබ්බා,
ඒ හැම දේම අමතක කරලා මම නැගිටපු විදිය බලන්න උඹ එන්නම ඕනි මගේ වෙඩිමට,
උඹේ ඉස්සරහ සිංදුවක් කියලා උඹව වට කරගෙන නටලා උඹව පුදුම කරන්න හිතපු මට උඹ මාව පුදුම කරලා යන්නම ගියත් අද මම ජීවිතේ සතුටු වෙන විදිය උඹ බලන්නම ඕනි,
අදුරන මිනිස්සු ගොඩක් ඇවිත් සුභ පතනකොට උඹට හයියක් තියෙනවනම් වරෙන් ඇවිත් මටත් සුභ පතලා පලයන්,
උඹ කියලා ගියේ
මට වඩා හොද කෙනෙක් හම්බ වේවි
හරි සරල විදියට උඹ මගේ පැත්තට ඇගිල්ල දිග් කරලා ගියා,
එදාට ඇවිත් පුදුම වෙලා වගේ බලන් ඉදපන් උඹට වඩා හොද එකෙක් හොයා ගත්තේ කොහොමද කියලා,
එයයි මායි ලස්සන ලස්සන ෆොටෝ ගහනවා උඹ දකින්න ඕනි,
එයා දෙනෝ දාහක් මැද්දේ මාව තුරුල් කර ගන්නවා උඹ දකින්න ඕනි,
මහ හයියෙන් අපි දෙන්නගේ නම කියලා මට එයාව බාර දෙද්දී,
හැමෝම අත්පුඩි ගහනකොට,
ඔය අත් දෙක එකතු කරලා මටත් ඇහෙන්න උඹ අත්පුඩි ගහන්න ඕනි,
හොදට කාලා,
යාලුවෝ එක්ක අපි දෙන්නව වට කරගෙන උඹත් නටන්න ඕනි,
අවසානයේ,
උඹ යන්න හදද්දී,
අපි දෙන්නා ලගට ඇවිත්
Happy wedding life දෙන්නටම කියලා උඹේ කටින්ම මට අහන්න ඕනි,
මැණික,
අනිවාර්යයෙන්ම උඹ මගේ වෙඩිමටත් එන්න ඕනි...
ලෑස්ති පිට ඉදපන්...
මම - ඩිශාන් කෙවිටියාගල ❤️
No comments:
Post a Comment