Pages

Sunday, January 13, 2019

නුඹට තිබුනේ මට කලින් ඉපදෙන්න"

"හැරී කුමරුටත් පුළුවන් නම් මේගන්ට
      ආදරේ කරන්න,ඇයි මට බැරි ඔයාට
      අාදරේ කරන්න.."
      නුඹ දවසක් මෙහෙම කිව්වා..
      ඔව්..ඒ කතාව ඇත්ත..
      ආදරේට වයස ප්‍රශ්නයක් වෙන්න නෑ..

      වයස කියන්නේ එකම එක
      ඉලක්කමක් විතරයි..
      ඒත් මං හදවතින්  මවන් හිටිය ආදරේ
      හීනේ එක්ක නුඹව සසදන්න මට බෑ..
      කොන්දේසි නැතත් හිතට එරෙහි වෙන්න
      මට බෑ..ඒකයි ඇත්ත කතාව..
     " මට ආදරේ කරන්න එපා ,මං කැමති
       නෑ එහෙම ආදරේ කරන්න.."
       මං කිව්වේ එහෙම..නුඹ මටත් වඩා මට
       ආදරේ කරන බව මං හොදටම දැනෙන්
       හිටියා,ඒත් ඒ හැගීම "වයස" කියන අකුරැ
       තුන ඇතුලේ මං හැංගුවා..
      "ඔයා ආදරේ නොකරට කමක් නෑ..ඒත් මං
       ආදරේ කරනවා..පුළුවන් දවසක මං ළඟට
       එන්න..මං බලං ඉන්නවා" ඒ නුඹ ..
       මට ආදරේ කරන්න එපා කියලා නුඹට නිතී
       පනවන්න මට බෑ.. ආදරේ කියන්නේ
       අයිතිවාසිකමක්..මට කියන්න තියෙන්නේ
       එකම එක දෙයයි..
          "නුඹට තිබුනේ මට කලින් ඉපදෙන්න"
           එපමණයි ...

                                            ✍️ නිරොක්ෂි ජෑන්ස් .

No comments:

Post a Comment