අවුල් වෙච්ච ගිණිකූරු වගේ කොන්ඩයක්...
හිනාවක අවසානයක කදුළු
බිංදු දෙකක් එන හීනි ඇස් දෙකක්..
රෝම පිරුණු ...රළු පපුවක්..
මට ඕන වැඩියෙන්ම
#අම්මට ආදරේ කරන
පෙම්වතෙක්...❤
හාදුවක් දෙන්නත් ලැජ්ජා වෙන තොල් දෙකක්
උදේ ඉදන් නැහිලා කරගැට පිරුණු අත් දෙකක්
උදේට ඔළුව අත ගාලා ගිහින් එන්නන් මැණික කියන..මන්තරයක්
මට ඕන..ජීවතේ ගැන අඩුවෙන්ම හීන දකින පෙම්වතෙක්...
හුගක් හැන්දෑවල්..ෆුට් බයිසිකලයක ඩබල් දාලා මාත් එක්ක යන
පොළට ගිහින් හොදම එළවළු තෝර තෝර ඇවිදින
පුංචි දරුවෙක්ට අප්පච්චී කෙනෙක්ගේ වගකීම් ඉටුකරන
මට ඕන...සංසාරේ කෙළවරටම ඇවිදන් යන්න..පුළුවන් පෙම්වතෙක්
හත්දවස ඉවරවෙනකන්ම මළ ගෙවල් වල තනි රකින
යාළුවෙකුගේ කරදරයකදී හෙවනැල්ලක් වගේ ළගින්ම ඉන්න
ඉදලා හිටලා අඩියක් ගහලා බජව්වක් දාලා ආතල් ගන්න
මට ඕන සිගරැට් එකක් බොන්නවත් සමහර වෙලාවල්වලට අතේ සල්ලි නැති රස්තියාදුකාර පෙම්වතෙක්..
ධරණී දියානා
No comments:
Post a Comment