Pages

Wednesday, January 9, 2019

තාත්තා

මං අම්මාගෙ කුසට ආ දවසේ කොච්චර සතුටුවෙන්න ඇතිද නුබ...
මං ඉපදුණු දා
හීන මවන්නැති මං හොද මනුස්සයෙක් කරන්න
අව්වක් වැස්සක් ගානක් නැත්තේ නුබට හැගීම් දැනීම් නැති ශක්තිමත් මනුස්සයෙක් නිසාම නෙවෙයි නේද අප්පච්චි 
ඒ හැගීම් දැනීම් වලට වඩා
මං ගැන අප්පච්චිගේ ඒ පපුවේ තියෙන හැගීම ඒ හැම ඉඩක්ම වෙන්වුනේ මං වෙනුවෙන් නිසා
මං ඉල්ලන හැමදේම නොවුනත් පුලුවන් කමක් තියෙන හැමදේම කොහොමහරි මට අරන්දුන්නෙ නුබෙ කුස කහට උගුරකින් පුරවගනිද්දී
මං ජීවිතේ දිනද්දි වගේම පරදිද්දී මගේ පැත්තෙම හිටපු ඒ ආදරේ මගෙ අප්පච්චි නුබ
මගේ යහපතම පතපු මුල්ම පිරිමි ඇස් දෙක
තාත්තා ♥️
මං වෙනුවෙන් නින්ද කාලය නිදහස කැපකරපු එකම පරාර්ථකාමී හදවත
තාත්තා♥️
මගේ ලෝකෙට සෙවණ වුනු එකම අහසත් 
තාත්තා♥️
මගේ හෙට දවස හදන්නට ඔහුගෙ අද දවසෙ නැහෙන එකම පපුහුස්ම
තාත්තා ♥️
නුබේ දියණිය කුලකුමරියක් වී නුබ අතැර යනදාට කාටත් වැඩියෙන් කදුලු හිරකරන්
මගේ පණවන් දියණියේ නුබ මගේ අභිමානයයි
කවදාවත් කාගෙවත් සෙනෙහසකට සමකරන්න බැරි ඒ උණුසුම් සුසුම
මගෙ අහසේ පායන නොනිමෙන බැතිබර සුපුන්සද
තාත්තා ♥️
කවී (ඌසි)

No comments:

Post a Comment