නොබැඳ ආදරේ කරමුද....
අපිට පුළුවන් දුර ඉඳන්
හැමදාම ආදරේ කරන්න..
පාළුවට එක ඇමතුමකින්
තනිය මකන්න..
සීතලම රාත්‍රීයක එක
කෙටිපණිවිඩයකින් උණුසුම් වෙන්න..
හැමදාම එකම බලාපොරොත්තුවක්
ජිවිතේ තියාගන්න...
හිත රිදෙද්දි අඬලා නුඹට හොරෙන්
ලාවට හිනාවෙන්න..
හිමිකරගන්න හීනයකින් හැමදාම
නුඹ ළඟම ඉන්න..
නුඹේ නිදහසට වංගු නොදා
අපිට අපි එපා නොවී ආදරේ කරන්න..
ඉතිං සුදු මහත්තයා,
කසාදය දික්කසාදයකින් අවසන්
නොකරගෙන..
අපි නොබැඳ ආදරේ කරමු!
-නිරොක්ෂි ජෑන්ස්-
No comments:
Post a Comment