Pages

Monday, January 28, 2019

යකඩ හින තියෙන කොල්ලෙක් ද එහෙනම් කියොපන්

#යකඩ #හින #තියෙන #කොල්ලෙක් #ද #එහෙනම් #කියොපන්
.

උබෙ අම්මා උබව හදන්නෙ ලොකු බලාපොරොත්තු හුගාක් තියාගෙන මචං.


තාත්තා මෙහෙම දෙයක් උබ ගැන හිතනො මට බැරි වුන දවසක මං නැති කාලෙක අම්මයි උබගෙ සහොදරයොයි බලාගනියි කියලා බන්.
 
ඒ හින යකඩ හින නිසා නැති කරගන්න එපා මචං
අදටත් යකඩ හින පස්සේ ගියපු කොල්ලො එනකන් අම්මාලා කියක් මග බලන් ඉන්නවද?.

උබට දැන් බයික් එකක් ඇති සමහරවිට. නැත්නම් ගන්න හිතන් ඇති.
එත් මචං පුලුවන් තරම් හිමින් පලයන්.
උබ බයික් එක අතට ගත්තම ඉගිලෙන්න ආසයි කියලා මං දන්නො මමත් කොල්ලෙක් නිසා.

ඔව් කොල්ලොන්ට  යකඩ හින තියෙනො එක ඇත්ත
උබගෙ ගැන්සිය එක්ක රෙස් යන්න කොල්ලො ආසයි.
හැබයි එකක් මතක තියාගනින් උබට වැරදුන දාට කවුරුවත් නැ.

උබට උබෙ කැල්ල කියවි ඉක්මනට එන්න මං තනියම ඉන්නෙ කියලා. උබ පුලුවන් තරම් ඉක්මනට යාවි එකිට තියෙන ආදරෙට.වැරදුන වෙලාවට උබට කැල්ලත් නැ එක හොදට මතක තියාගනින්.

කෙල්ලොත් දැනගන්න ඔනි තමන්ගෙ කොල්ලට
ජිවිතෙට ඉක්මනට එන්න කියන්න එපා කෙල්ලෙ.
කොල්ලො උබට ආදරෙ නිසා ඉක්මනට ඇවිත් උබට කොල්ලත් නැති වෙනො.

උබ පොඩ්ඩක් හිතපන් උබෙ ගමේ කොල්ලො කියක් මැරුනාද යකඩ හින නිසා
එක ස්කොලෙ ගියපු එක පන්තියෙ එක බත් එක කාපු කියක් නම් යකඩ හින නිසා අපි දාලා ගියද.
දවසකට fb එකෙ කියක් සුදු කොඩි දනවද කියපන්.

 කොල්ලො මෙහෙම යකඩ හින නිසා මැරෙද්දි  කො රටට කොල්ලො.
උබගෙ අම්මට කො පුතෙක්   ගෙදර පුතෙක් නැත්නම් වැඩක් තියෙද බන්.

උබෙ අම්මා දහදුක් විදලා උබව හදන්නෙ යකඩ හින කියන ලබ්බ උබෙ ඔලුවට ගහලා Cbr .tracker කියලා හිතලා ct 100. Fz. Pulsar වල ගිහින් මැරෙන්න නෙවෙයි බන්.   උබ අම්මට උබ නැති අඩුව පුරවන්න පුලුවන් වෙයිද කියපන්

කොල්ලෙක් නෙ උබ පොඩ්ඩක්  හිමින් පලයන්  මචං
උබ සුපිරි වැඩ්ඩෙක් වෙන්න පුලුවන් එත් ඉස්සරහට එන්නෙ ගොන් හරකෙක්  වෙන්නත් පුලුවන් මචං

උබ මැරුනාම කො උබෙ දෙමාපියන්ට පුතෙක්.
උබ මැරුනාම කො උබෙ කැල්ලට  කොල්ලෙක්.
ආස නැද්ද උබෙ අම්මට සලකන්න කියපන්
ආස නැද්ද උබෙ කැල්ල එක්ක සතුටින් ඉන්න.

උබට දැන් අවුරුදු 20ක් වෙන්න පුලුවන් .
උබ ආස නැද්ද ජිවිතය විදින්න පොඩ්ඩක් කල්පනා කරපන්

හැම කොල්ලෙක්ම දෙපාරක් නෙවෙයි සිය පරක්
හිතපන්.
මේ දවස්වල දවසට නම් කොල්ලො කිදෙනක් නැති වෙනවද?

අයියෙ මල්ලියෙ උබලා පවුලේ පණ බන් ඇත්තටම .
කවුරුවත් කෙලින්  නොකියුවට උඔලා තමයි පවුලෙ ජිවිතය.

 උඔලට  උඔ වටින්නෙ නැති වුනාට උබ  රටට වටිනො.

බලලා පුලුවන් නම් හැදියන්  මචං.
යකඩ හින නිසා උබෙ අම්මට දුකක් දෙන්න එපා මචං

පුලුවන් නම් උබෙ යලුවන්ට පෙන්න ශෙයා කරපන්. කවුරුහරි හැදෙනවනම් එක තමයි ජිවිතේ සතුට.

නුවනා ❤️❤️
තෙරුවන් සරණයි .

No comments:

Post a Comment