Pages

Wednesday, January 9, 2019

කොළඹ එක්ක..

ඉස්සර මං පුදුම තරහක්
තිබ්බේ කොළඹ එක්ක..
නුඹ වෙනස් වුනේ
එහේ ගියාට පස්සේ..

ගමේ ගේ අස්සටම 
වෙලා හිට්ය මට..
කොළඹ කියන්නේ
වෙනම ම රටක්..
එක දිගට කතා කරපු
අැමතුම් අඩු වෙද්දි..
ඔහේ එන කෙටිපණිවිඩ 
වලට බැරි වුනා..
අපේ ආදරේ රැකගන්න..
"කොළඹ යන උන් 
වෙනස් වෙනවා බං"
⁣එහෙම කිව්වේ 
මගේ යාළුවා..
එදා එකී වැරදි,
ඒත් අද එකී හරි..
නුඹත් වෙනස් වුනා..
ඊට කලින් මං ඈත් වුනා..
අපේ සත්වසරක
ප්‍රේමය නිමා වුනා..
අදටත් හිත හොයනවා..
වෙනස් වුනේ නුඹ ද..
නුඹ ව වෙනස් කලේ කොළඹ ද කියලා..

-නිරොක්ෂි ජෑන්ස්-

No comments:

Post a Comment