Pages

Sunday, January 6, 2019

රාමත් පිරිමියෙක්ද බං?

රාම සීතා යුගල පද බං
ආදරේදැයි සැකයි මට දැන්
ඉහළ මාලෙක සීතා රඳවා
රාමා යනවා දඩයමේ දැන්

මොණරෙ නැගගෙන හිමාලෙට උඩ
සරණ අතරෙදි දැක්කෙ ඔය රුව
හොරෙන් ගත්තේ මගේ හදවත
සීතා නුඹ මට දුන්නේ නෑ එය
හිමාලෙක බර දැනෙයි ඉඳහිට
උඩින් යන මොණරයක් අකලට
මොටද සීතා නුඹව නො ගෙනෙන
නග්ග ගත්තම රියට හෙමිහිට
හොරකමක් යයි හිතුනෙ නෑ මට
හිතට හිත දුර වැඩි ම හින්දා
සලුවකට අත තිබ්බෙ නෑ මං
දොළොස් හිසකට නුවණ පල කළ
හිත් දෙකක් මට තිබුනෙ නෑ බං
සීතා උඹ ගිනි ගොඩක දැම්මලු
කැඩුනා බිඳුනද යමක් ඇහුවලු
බමුණෝ වටකර ප්රශ්න ඇහුවලු
අම්මා එහෙමත් සැකෙන් බැලුවලු
සීතා කියපන් මේක උඹ මට
පතිවතක් ගැන හිරිඔතප් ගැන
මමත් ඇහුවද මෙහෙට ආ විට
ආදරේදැයි හෙමින් ඇහුවම
බිම බලාගෙන ඇඬුවා ඉකිබිඳ...

 උපුටා ගැනීමකි.

No comments:

Post a Comment