Pages

Sunday, January 6, 2019

මාත් ආසයි කුඩුවෙන්න ගහන්න

උපුටාගැනීමකි'

#කෙල්ලෙක් කියල දාල තියන එපාකරපු සීමා මායිම් කඩල දාල නිදහසේ ඉගිල්ලෙන්න,
හැන්දෑ වරුවක ඉර බැහැගෙන යන හැටි කොටු බැම්ම උඩට වෙලා බියර් එකක් තොල ගාන ගමන් බලන් ඉන්න,
ගිටාර් පොල්ලකුත් අතේ තියන් බාට කෑලි දෙකක් දාගෙන ඔහේ රටවටේ ඇවිදින්න,
යන යන තැන මගේ විදියට විඳින්න,
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බස් එකේ යන සිංදු වලට තාලෙ අල්ලන්න,
කොල්ලො හැමදාම අත්පත් කරගන්න බස් එකේ ෆුට් බෝඩ් එකේ දවසකට නැගල වට පිට බල බල යන්න,
පාර්ටියකට ගිහින් පන එපා කියල ගැරඬියට භූමිතෙල් වැදිල වගේ නටන්න,
දුශ්කරම ගමකට ගිහින් සතියක් ඉඳල බලන්න මේ ෆෝන් එකෙන් ෆේස් බුක් එකෙන් සෝශල් මීඩියාස් ඔක්කොන්ගෙන්ම අයින්වෙලා නිදහස විඳින්න,
හැබැයි ඉතින් ඒව #හීනයක්ම විතරයි 😊👈 ..'
උපුටාගැනීම අවසන්.

මං ෂැගී'

No comments:

Post a Comment