Pages

Sunday, February 3, 2019

පෝසත් දරුවෙකුගේ දුප්පත් පියෙක්

චූටි කාලේ.. උබට බත් කවපු...
උබව වඩාගෙන නලවපු...

උබට කන්න දෙන්න බර උස්සපු..
මේ අත් දෙක අද මටවත් වාරූ නෑ  මයේ පුතේ...
වෙ..වෙ.. වෙව්ලනවා...!!
උබ චූටි කාලේ..
උබත් එක්ක දුවපු..
උබව කරේ තියන් මහා දුර ගියපු..
උබ නිසා වරු ගනන් හිටගෙන හිටපු..
මේ කකුල් දෙකට 
අද මාවවත් උස්සගන්න 
හයියක් නෑ මගේ පුතේ..
වැ..ටෙන්න එ..එනවා...!!
උබ පොඩි කාලේ 
කන්න ඉල්ලලා අඬද්දී...
අතේ තියන අන්තිම රුපියලටත් 
කන්න අරන් දීලා..
උබලගේ අම්මගෙන් 
බැනුම් අහපු..
උබ ඉස්කෝලේ ගිහින් 
ඇවිත් ලස්සන සිංදු කියද්දි 
අහගෙන හිටපු..
මේ කන් දෙක 
දැන් ඇහෙන් නෑ මගේ පුතේ....
කීං ගා...නවා...!!
උබ එක එක චිත්‍ර ඇදලා පෙන්නද්දී..
ආසාවෙන් බලා ඉදපු.. මේ ඇස්දෙකට 
අද මොකවත් 
පේන් නෑ මගේ පුතේ...
දැ..දැලක් දාලා ව..වගේ...!!
චූටිම කාලේ ඉදන් 
උබ වෙනුවෙන්ම මැරිලා මැරිලා 
පන නැතුව ඉන්න මාව 
ගෙදරින් එලියට ඇදලා දැම්මේ 
මොන හිතකින්ද මගේ පුතේ...
ඇඟට වඩා හිත ඇදුම් කනවා මගේ පුතේ..
පපුව පැලෙන්න එනවා...හ්ම්.. සත්..තකින්ම!!
මට තව වැඩි කාලයක් නෑ.. ඒ ටික කාලෙදිත් 
දෙයියන්ගෙන් ඉල්ලන්නේ 
උබව හැමදාම 
සතුටින් තියන්න කියලා...
උ.උ..උ...උබට..... ස..ස.සම්මා... සම්..බු..දු.. ස..ස..රනයි..!!
CJ BEST

No comments:

Post a Comment