Pages

Sunday, February 3, 2019

අප්පච්චි

කිසි දිනෙක කට පුරා

ආදරෙයි නොකීවට
රැවුල් කොට ඉදුනේම
පුතේ උඹ හදලා

මේ අතට උඹ ආව
දා පටන් කිසිදාක
#අප්පච්චි නෑ පුතේ
දවාලක නිදලා

කදුළු නොවු බෝ කතා
ජීවිතේ විය ඉතා
ඉහිලුවේ රත්තරන්
උඹ දිහා බලලා

මම රජෙක් නම් නොවේ
නමුත් මම රජ උනේ
මගේ රජ කුමරුගේ
ඉහ මුදුන ඉඹලා...

- සුදන්ති -

No comments:

Post a Comment