Pages

Saturday, June 1, 2019

උඹ මාව රිද්දන තරම්...

උඹ මාව රිද්දන තරම්...😥
මම දන්නෑ
උඹට මාව දැනෙනවද කියලා
ඒත්,,,

මට උඹ මගේ හුස්ම තරම් 
මගේ ජීවිතේට දැනුනා

එච්චර ලං වුණු
මගේ ජීවිතේ හිනාව ආයේ ගෙනාව
උඹ මට
මෙච්චර දුකක් දෙයි කියලා
විහිලුවටවත් මං හිතුවේ නෑ
ඒ වගේම විහිලුවටත් මං
උඹට කිව්වේ
උඹ මට නැති වුනොත්
මං මැරෙයි කියලා
ඔවු බන් ඇත්ත
උඹ මගෙන් ඈත් වෙලා
මාස හයකටත් කිට්ටුයි
ඒත් අදටත්
උඹ තමයි මගේ පන
අදටත් මං
මැරි මැරි විදවනවා
උඹේ ආදරේ නිසා
හිතෙනවා බන් වෙලාවකට
හැමෝම අතෑරලා
මේ ලෝකෙන් යන්න
ඒත් බෑ
මගේ අම්මයි,තාත්තයි
ඒ දුක කොහොම දරා ගන්නද???
ඒත් තාමත් එක හීනයයි,ආසාවයි තියෙන්නෙ
මම දන්නෑ හැබෑ කරගන්න
පුලුවන් වෙන හීනයක්ද කියලවත්
හැමදෙයක් ගැනම එපා වෙලා ඉදිය මට
උඹයි ආයේ ආදරේ ගෙනත්
මාව සතුටින් තිව්වේ
ඒත් ඒ ඉක්මන්ට
ආයේ ඒ හැමදේම එපා කරලා
උඹමයි මාව දාලා ගියෙත්
දැන් මට තියෙන්නේ
උඹ ගැන විතරක් නෙවෙයි
හැම දෙයක් ගැනම
කලකිරීමක් විතරමයි
අදටත් තාමත් විශ්වාසෙන් ආදරය කරන එකම දෙයයි තියෙන්නේ
ආසයි මෙ⁣හෙණියක් වෙන්න
හැබැයි
#උඹ_නිසා_නෙවෙයි
උඹ දුක් දීපු ජීවිතේ එපා වුන නිසා
මටත් ආසයි බන්
උඹට ආදරේ කරපු
උඹ එක්ක ගහ මරා ගත්ත කෙල්ල
සිවුරක් දාන්
උඹ ඉස්සරහා ඉදිද්දි
උඹට දැනෙන දුක
මොන වගේද කියලා බලන්න
උඹ අද ආදරේ නෑ කියන මට
කොච්චර ආදරේ කලාද කියලා
#උඹටම_ඒත්තු_ගන්නන්න
#දැනෙයි_රත්තරං_එදාට_උඹට
උඹත් මට ආදරේ කල වග
ඒත් පරක්කුයි මහත්තයෝ එදාට
මම මේ තීරණේ හරියටම ගත්ත දවසට
උඹ පසු තැවෙයි ගොඩක්
මට පසු තැවීමක් ,කණගාටුවක් නෑ එදාට
මට නැති වුනේ
#බොරු_මවාපෑම්_පෙන්නපු_උඹව
ඒත් සසරෙන් එගොඩ වෙන තැන මම
ඒත් උඹට නැති වුනේ
#උඹේ_පනටත්_වඩා
උඹට ආදරේ කල එකියක්ව
දවසින් දවස උඹ මගේ හීනෙට
මගේ හිත හයිය කරනවා
උඹටත් ඒ පින ලැබේවා
#උඹේ_බලාපොරොත්තුව_ඉටුවෙන්න!!!!
හැබෑ වෙන දවසක් ආවොත් මගේ හීනය
අනිවාර්⁣යයෙන් කියන්නේ උඹට
වරෙන් මහත්තයෝ කාටත් කලින්
#උඹේ_වදකාරී
කහ සිවුරු පොරවන දවසට💛
එදයින් පස්සේ
උඹට කතා කර කර වද දෙන්නවත්
නිකමටවත් උඹට
රණ්ඩු වෙන්නවත්
හැමදාම උඹේ ලේ පුච්චන
#මම
#නැතිවෙයි_උඹට
#මතක්_කරගනින්_පන
එදාටත් උඹේ ඇහින්
කදුලක් නොවැටුනොත්
උඹේ මුලු ජීවිතේම බොරුවක්
උඹත්
හිතක්,පපුවක් නැති මිනිහෙක් බව😞
_____හෂියා_____

No comments:

Post a Comment