Pages

Wednesday, June 26, 2019

චාමර රණවක

| මිනිහෙක්ට ඩ්ර්ග්ස් ඕන නෑ මත් වෙන්න,
කන් දෙකක් තිබ්බත් ඇති රහ දන්න.!


"මිනිස්සු කැමති වලෙන් ගොඩආපු මිහිහෙක් එක්ක කරට අතදාන් සෙල්පියක් ගහන්න මිසක් වලට වැටිලා ඉන්න එකෙක්ව අත දීලා ගොඩ ගන්න නෙවෙයි"

මේ කාලෙකට කලින් අධ්‍යාපනයෙන් නූගත් වුනු ඒත් සමාජෙන් උගත් මගෙ මිත්‍රයෙක් එක තැනකදි මට දීපු කමෙන්ට්ටෙකක්.. නෑ වූ මාව ටච් කරපු තැනක්.

මේක අදාල කරගන්න පුළුවන් හොදම හරිම තැන මෙතන කියලා මං හිතනව ඉතින් මං ලියනව එහෙම වලෙන් ගොඩට ආපු මිනිහෙක් ගැන. නම චාමර රණවක. එතකොටම ඔය ආවේ සද්දයක් " අහ් අර කුඩ්ඩනෙ, හපෝ මියුසික් කන ගෝතයා, අර තට්ට කැරියනෙ" ලංකාවෙ මිනිස්සු කොහොමත් එහෙමයි සිට්ටම් එකට සෙට් නැති එකෙක්ගෙ නමක් ඇහුනත් ඇති පුකෙ ඉදන් පළු අරින්නෙ පුකේ ඉදන්.. ඒක් අාත්මාර්ථකාමී කම එක්ක ගැබ්වෙච්ච පාරම්පරා වල ඉදලම ලේ වලින්ම එන ඇරියස් එකක්..

අල ගිය මුල ගිය ඔය කතා අස්සේ ⁣වැදගත්ම කතාවනම්, බහ තෝරන කාලෙ ඉදන් කනට වැටුනු සිංදුවක් තිබ්බනම් ඒ " වෙරළු ගෙඩි පැහෙන කාලෙ " මොබයිල් පොන්වත් නැතුව ලිර්ක්ස් හිත ඇතුලටම කොටපු, තැන නොතැන හැම තැනම හීනියට කොදුරපු සිංදුවක් තිබ්බනම් ඒකත් ඕක. ඒක අහල නැති එකෙක්.. ඒ නැතත් ඇහිලා නැති එකෙක් ලංකාවෙ ඉන්නවනම් වූ ගැන කතාවක් මෙතනට ඕනෙම නෑ..

ඒ ඇරුනම සුරුවම අයිනේ, තක්කඩ මල් සුවදයි, මිරිවැඩි නැතුවට, සිදාධියේ නුඹ දුටුවට කියන්නෙ මොබයිල් පොන් එක ගත්ත දවසෙ ඉදන් ⁣ප්ලේ ලිස්ටේකෙ උඩම නැතත් යටම තැන් වල ඉදන් ඉදහිටල ප්ලේ වෙලා හැමදාම රිද්දන්න පුළුවන් මතක එකපාර උඩ අදින්න පුළුවන් වචන මික්ස් වෙච්ච අාත්මෙම පහුරු ගාන චාමරගෙම සිංදු තමා..

උබට මට අපි හැමෝටම වීරයෝ ඉන්නව. ඒත් ඇත්ත⁣ටම වීරයෝ සාපේක්ෂයි. ගංජාකාරයෙක්ට බොබ්මාලෙ, කොමියුනිස්ට් කාරයෙක්ට චේ වගේ උපමා දාල මට මේක තවත් රහ කොරතහැකි ඒත් ඔන්නෑ එහෙම මොකටද ?

පෘථිවියෙ එක පුංචි රට ඉපදීලා ග්‍රෝත්‍රික සමාජයක් මැද්දෙන් දුප්පත් කමේ පතුලම ලෙවකාපු ගතානුගතික ගමකින් මතුවෙච්ච තමන්ගෙ ටැලන්ට් එකෙන් තනියෙන්ම උඩට ආපු එකෙක් ගැන කියන්න වෙනම උපමා මොකටද?
කාට නැතත් වු මට වීරයෙක්. කනට කොදුරලා හදවතට තට්ටු දාපු එකෙක්.

ප්‍රසිද්ධිය කියන්නෙ සාර්ථකත්වය නෙවෙයි කියලා ඔප්පු කරන්න කිව්වොත් මං පෙන්නන්නෙ මිනිහව. මිනිස්සුන්ගෙ බුද්ධිය ටච් කරන්න වගේම හදවත ටච් කරන් පුළුවන් මිනිස්සු හරිම අඩුයි, එ්කරලා ප්‍රසිද්ධ වෙන වුන් වැඩයිි. ඒත් අප්‍රසිද්ධව ටච් කරන උන් හරිම අඩුයි. රණවක කියන්නෙ එහෙම එකෙක් විතරක් නෙවෙයි හොදම එකෙක්..

ඒ චාමරව මට මෙච්චර පොරක් වෙන්නෙ මෙහෙමයි. කවදාවත් අඩනැති එකෙක්ව උනත් එ⁣ක තැනකදි වු අඩවනව, ඇස් වලින් නැතත් හිත ඇතුලෙ අඩවනව.
ඒක මාරයි නෙවෙයි මාරම මාරයි !

( අවුරුදු ගානකට පස්සෙ අද අහද්දිත් මට ඒක හැගීම ඒ විදියට ෆීල් වෙනව )

" අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
  මගෙ අගහිගකම් ගැන කම් නෑ කිවාට
  නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
  ලොකු වෙනසක් අැයි නුඹ දැන් නෑ කීවාට "

ඔය ටික ඒ වොයිස් එකෙක් කියනකොට නොදැනීම මොහොතකට පපුව උඩ පූජීයාම පුපුරනව, ඒ නැතත් ලොදීය වගේ ඇග පුරා දුවනව. ඒතනදිම ඇසුත් වැඩ අරඹනව ගිනි නිවන පොද වැස්ස ඇස් අගින් වස්සනව
ඉතින් අපි ඇවිලෙනව ඒ තරමටම නිවෙනව. රණවකගෙ වචන හරිම සරලයි ඒ උනත් හරිම ප්‍රබලයි. ඉස්සර ඉදන්ම එ් උගේ හැටිමයි.. මේ හැටිම ආදරෙත් ඒ තරම් වූට ඒකයි.. ( ඔය එක බුලට් එකක් විතරයි )

සොයන්නාට හබ්වෙයි කියලා මං නවතිනව. රස දන්න හොයන වුන් හොයයි ඉතුරු බුලට් ටික ගැනත් මං නොකිව්වට.

අපිව ටච් කරන්න, අමුවෙන්ම මරන්න පුළුවන් ආදරණිය
මිනිස්සු තාමත් මේ දූපත අැතුලෙ ඉන්නව. උන් ආදරේ කරනව ඒ තරමටම ආදරේ බෙදනව. චාමර කියන්නෙත් එහෙම එකෙක්. රහ දන්න රස හොයන උන් පුළුවන් නම් අල්ල ගන්න. අල්ලන්න පුළුවන් නම් මේවා හරි රහ තැන්.

මැරෙන්න කලින් එක පුංචි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න ඒ නැතත් පුළුවන් උනොත් අන්තිම හුස්මට කලින් දවසක මං හරි කරනව. පුළුවන් නම් මා නොවන මම වගේ වැටසටහනකට රණවකව ගෙන්නන්න. වෙන කගෙවත් නෙවෙයි එතුමගෙම සිංදු ටිකකට පොඩියට හරි ඉඩක් දෙන්න..🖤

( මේ අවුරුදු ගානකට කලින් කරපු රික්වෙස්ට් එකක්.
තාමත් ඇසෙප්ට් නොවුන ඒ උනත් කවදහරි ඇසෙප්ට් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න )

රණවක විරෝධි සෙට් එකටත් මේ වෙලාවෙම යෝජනාවක් කරනව පුළුවන් නම් දුර ගමනක් යන බස් එකක, සීට් එකක අයිනට වෙන්න වාඩිවුන වෙලාවක, කවුළුවෙන් එන හුලං පාරත් එක්ක රණවකගේ උඩ කියපු එක සිංදුවක් එක්ක දැහැන් ගතවෙලා බලන්න.. උබ උනත් කියනව සත්තයි මිනිහෙක්ට ඩ්ර්ග්ස් ඕනනෑ මත් වෙන්න කන් දෙකක් තිබ්බත් ඇති රහ දන්න..

මේක ඉවරකරන්න පුළුවන් සටහනක් නෙවෙයි ඒත් අයෙමත් මොනවහරි ලියන්නම හිතෙනව. ඉතින් රණවක කියන්නෙම වහ උනත් රහ කරන්න පුළුවන් මිනිහෙක් කියලා මට සැක නැතුව කියක්න පුළුවන්.. එච්චරයි.

පලවෙනි කමෙන්ට් එකේ ඇති රණව⁣කගේ මෑත කලීනව සිද්ද වුන එකම සම්මුඛ සාකච්චාව පුළුවන් නම් එකෙන්ම මේ අමුතු රහ හොයන්න පටන් ගන්න..

ඉතින් "ආදරෙයි ආදරෙයි අහස තරම්.."

- Raviz

No comments:

Post a Comment