Pages

Saturday, June 1, 2019

පාසල් ප්‍රේමය

පටන්ගැන්ම එතන

දාහක් බාදක තියෙන්න ඇති.
දාහක් බලාපොරොත්තු හීන හැමදාම මතු වෙන්න ඇති.
හොරෙන් හොරෙන් මුණගැහිල කතා කර හැටි හිනා වුන හැටි, උඹට වගේම මටත් තවම මතකයි.
ජීවිතේ හදාගන්න ඕන කොතනින්ද කියල හරියාකාර සිතියමක් ඔලුවෙ නොතිබුනත් ජීවිතේ විදින්න ඕන කියල ලස්සන සිතියමක් උඹයි මමයි මාරුවෙන් මාරුවට ඇන්දා.
පාසල් කාලෙ ඒ ලබපු අත්දැකීම පොතකින් ලබපු දෙයක් නොවුනත් මගේ ජීවිතේ තවමත් මිහිරිම තැන් හමුවෙලා තියෙන්නෙ ඒ ගෙවපු අවුරුදු කීපය ඇතුලෙ.
හෙට හිනාවෙන්න අද අඩන්න කියල සැලසුම් ඇන්දෙ නැතත් හිනාවුන වාර වගේම අඩපු වාරත් අනන්තවත් ඇති.
මොනව උනත් හැම දෙයක්ම කාලයට බාර කරල පාසල් මතක අස්සෙ හිරවෙන්න තරම් මනස හදාගන්න,
උඹත් මමත් සීමාවකින් තොරව මහන්සි වෙන්න ඇති.
ඔව් අපිට අරමුණු තිබුනා,
අපිට හීන තිබුනා,
අපිට බලාපොරොත්තු තිබුනා.
උඹල දන්නවද ඒ හැම හීනයක්ම අස්සෙම පැල් පදියන් වෙලා දැහැන් ගත වුනත් පොතේ අකුරු අපි අමතක කලේ නෑ.
දෙමව්පිය බලාපොරොත්තුත් අපි ජයගන්න ඕන කියන හැගීම අපේ හදවත් වල තිබුනා.
ඉතින් මගෙ භාෂාවෙන් කියනව නම් ,

"සතුටුයි, අපි කොහේවත් අනා ගත්තෙ නෑ"
තාමත් ඒ පාසල් මතක අස්සෙ පාසල් ප්‍රේමය අස්සෙ ලස්සන ජීවිතයක් එක්ක මොන දුක් කදුලු තිබ්බත් හිනාවෙන්න අපිට පුලුවන්.
කොහෙවත් වරද්ද ගත්තෙ නෑ.
උඹලටත් ඇති ඒ වගේ කතා.
දැනටත් සමහරැ ඒ ලබාගත්තු පෙම පරිස්සම් කරගෙන රැකගෙන ඉන්නව ඇති.
අදටත් සමහරැ පාසල් ජීවිතය ගත කරනවාත් ඇති,
තවත් සමහරැ පාසල් පෙමේ කදුළු මතක පපුව අස්සෙ අදටත් හිරකරගෙන ඉන්නවා ඇති.
ඉගෙන ගන්න කාලෙදි පෙම් කෙරැවට කමක් නැ අපෙ අරමුණු වලට යන පාර වසා නොගෙන.
අදටත් පාසල් ජීවිතේ ගත කරන අයට කියන්නෙ ආදරෙන් දුක් වින්දත්
කොහෙවත් වැටෙන්න එපා.
ජීවිතේට නැවුම් බලාපොරොත්තු ආවම කලින් බලාපොරොත්තු අතාරින්න එපා.
අරමුණු අමතක කරන්න එපා.
මොකද එතනින් හදාගන්න අඩිතාලම අඩු පාඩු නැතිව අපිව පුලුවන් තරම් අනාගතේදි ගොඩනගනවා.
පුදුම විදියට.
මුල නැත්නම් අගක් නෑ වගේම.
මුලින් ඒ අඩිතාලම දාගන්න බැරි වුනොත් උඹලට අවසානයකුත් නෑ.
බුදුසරණයි

No comments:

Post a Comment