Monday, June 24, 2019
-වැලිකඩට ලියුමක්-
හංකෑලි ඇමනිච්ච තැන් ගොඩක් තිබුණා කෑලිවෙච්ච බත් මුට්ටියේ..
සුදුපිච්ච,රතුපිච්ච වෙලා තිබුණා බුදුගෙයි තනිවෙච්ච මල් වට්ටියේ..
හැංගිච්ච මහ දුක් ගොඩක් තිබුණා කඳුලෙන් තෙමිච්ච කවිච්චියේ..
අම්මගෙ හුස්ම පිච්චුවේ,මොන හිතකින්ද අප්පච්චියේ..
වේදනා කන්දරාවක් තිබිච්ච,ඒ පපුව නැවති නැවති ගැහිච්ච..
රිදුම් මත්තෙම නැහිච්ච,කවදාවත් පෙන්නුවේ නෑ තැනක් පැලිච්ච..
කඳුළු පිහ පිහා හැලිච්ච,කතාවක් කියන්නද ඇහිච්ච,
ඕකා ඔය මට තලන්නෙ හිතේ දුකට,මතක් උනාම ඒකගෙ කලින් ගෑණි මැරිච්ච..
"දන්නවද අප්පච්චි,මොහොතක් තිබ්බෙ නෑ ඒකි මයෙ අම්මා නෙවෙයි කියලා දැනිච්ච.."
ඇඟේ ඇටකටු පුරෝලයි,ලිපට ගිණි ලෑවේ..
හදවත උනත් උයලා දෙයි,ඒකි වතුර විතරයි බඩට දෑවේ..
ඇයි තේරුම් ගන්න බැරි තරම් බීවේ,
ඇයි අප්පච්චි එදා කලියෙන් නාවේ..
"අම්මා නෙවෙයි,මමයි අප්පච්චිට හංගපු බත් ඩිංග කෑවේ.."
බෙබා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment