හිත හදාගන්න බැරිම තැන්වල තියෙන්නෙම..උඹ
අනුන්ගේ වෙයි කියන #බය
මං දන්නවා..
ගෙවන්නම වෙනවා සංසාරේ දී කාටහරි තියෙනවා නන් නොගෙවපු ණය
ඔව් ඉතින්....
මගේ නොවුණහම ...අඩන්න පුළුවන්නේ..
ඇස් වලට මොකද..පපුවට ගැහුවට හෙණ
නොලැබෙනකොට තමයි ඕනම දෙයක් වැඩියෙන්ම ලස්සන...
ලිස්සලා යන්න බෑ ජීවිතේ සමහර තැන්වල
වැටි වැටි නැගිටිනකොට..අතක් ඕනමයි හයියට
දවස් කොච්චර තියෙනවද..දිගම දිග මැසේජ් ටයිප් කරලා ඩිලිට් කරපු
උඹ ඔන්ලයින් ඕෆ් ලයින් යන වෙලාවල් බල බල ඇස් හූරගත්තු...
නොකිව්වට තව දවස් තිබුණා..උඹේ එකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන්න හදපූ...
එක පාරක් හායි කිව්වම
දහ පාරක් හිත නිවාගන්න
ඇත්තමයි මට තියෙනවා
ලැජ්ජානැති හදවතක්...ආයෙමත් ප්‍රේමයක් හොයන
සංසාරේ කෙළවරටම ආව කව්රුත් නෑ ඒක මම දන්නවා..
මගින් අතඇරුණම...දුක්බර ආදර කතා බිහිවෙන එක නවත්තන්නත් බෑ...
ඉතින් උඹ ගැන කතන්දර කියන්න මම දන්නෑ...
හරියට දේදුන්නක් වගේ ඇතිවෙලා නැතිවෙන වෙලාව හොයන්නත් බෑ..
මිරිඟුවක් කියලා දැනුනට ආපහු හැරෙන්න මට බෑ...
ඔන්න ඔහේ පව් පිරෙද්දෙන්...අනුන්ගේ වුණත් මම උඹට ආදරේ කරන එක නවත්තන්නේ නෑ
උඹ ගැන නොහිතා ගෙවෙන දවස් හරි තිත්තයි..
එ්ත්,මගේ,ආදරේ ගැන උඹ දන්න දේවල් හරිම චුට්ටයි.
ධරණී දියා
No comments:
Post a Comment