Pages

Saturday, June 1, 2019

____කෙල්ලෙ උඹේ කොල්ලත් බොනවද??? එහෙනම් මේක කියවපන්...😊____


උඹ ආදරේ කරන කොල්ලා ගැන උඹ මොනවද දන්නෙ...?

ඒ උබේ සිරා ලව් එකනම් උඹ අනිවා ඌ ගැන හැම රෙද්දම දැනගෙන ඉන්න ඕන...
උඹ ඌට ආදරෙයි,ඌ මට නොකියන දෙයක් නෑ කියලා
ගල් ගිල්ලා වගේ බලන් ඉදලා වැඩක් නෑ
හොයපන් ඌ ගැන,
ඉද-හිට අහපන් උගෙන් ඌ ගැන විස්තර
හිතේ තියන් ඉන්න ගොඩක් දේ කියයි ඌ උඹට....
කොල්ලො ගෑණු අපි වගේ නෑ බන්.උන් හැමදේම හිතේ තද කරන් ඉන්නවා.අපිනම් බකස් ගාලා හැම කෙහෙල් මලම දැනුන එකාට කියනවනේ...
උඹේ කොල්ලා
🚬 එකක් බොනවනම්
🍺 එකක් බොනවනම්
වෙන වෙන එකී නොකී මෙකී දෙයක් පාවිච්චි කරනවනම් උඹ නොදැනෙන්න විදියක් නෑ
උඹේ සිරා ලව් එක එහෙමනම්,ඌ උඹට නොකිවුවත් උඹට උගේ පොඩි වෙනසත් දැනෙන්න ඕන...
.ඉතින් උඹලා ඕවා දැන ගත්තා කියලා කට වහන් වෙන්නෙ මොකක්ද කියලා බලන් ඉන්නවද????
එහෙනම් උඹ මහා මෝඩියක් බන්...😒
උඹට හයියක් තිටෙන්න ඕන ඒ දේ උගෙන් මූනටම අහන්න.
ඕකුන්ගෙන් ඇහුව ගමන් ඔවු මන් බොනවා කියලා උඹේ අතට උත්තරේ දෙන්නෑ...
එක පාරක් බැරිනම් දෙවෙනි,තුන්වෙනි වතාවෙ හරි අහලා හරි දේ අහගනින්.....
👆ඊට වඩානම් අහන්නෙපා බන් කුනුහර්ප දෙකක් කියලා 📱 ඕෆ් කරයි😁
උඹට ඌ සිරා කරනවනම් දවසක් හරි උඹට ආදරේ කලානම් අනිවා ඇත්ත කියයි...
ඒ කිවුවම යකින්නියෝ වගේ උගේ ඇගට කඩන් පනිනෙපා බන්....ඌ ඒ දේට පුරුදු වෙන්න හේතුව හොයපන්....
උඹ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ නවත්තන්න යන්නත් එපා බන්. ජීවිතේට ඒ ක්රමේ සාර්ථක නෑ....
ඔය හේතුව අස්සෙ ගොඩක් දුරට සමහර කොල්ලොන්ගෙ කදුලු කතාවක් ලියවිලා ඇති.ගොඩක් වෙලාවට උඹට නොකිවුව දෙයක් වෙන්නත් පුලුවන්....
ඒ උඹේ ආදරේ වගේම ඌ උඹේ හොදම යාලුවෙක් කර ගනින්...
අහපන් උඹේ කොල්ලගෙන් මොකක්ද හේතුව....
ඉවසීමෙන් අහන් ඉදපන් උගේ කතාව....ඒක තමයි උඹේ කොල්ලා වෙනුවෙන් උඹට කරන්න පුලුවන් හොදම දේ......
ඔය කතාවෙ කෙල්ලෙක් ගැන කිය වුන ගමන් තියෙන ඉරිසියාවට
මට උඹ වැඩක් නෑ
ඒකි එක්කම ඉදපන්
👆 ඔය වගේ මැන්ටල් කතා කියන්න යන්නෙපා😕
අපිට ඒකගේ දුක අහන්න පුලුවන්
ඒත් බන් ඒ දුකට හේතුව කෙල්ලෙක්නම් අපිට බෑ ඒ කෙල්ලව් ආයේ ඌට හෙනත් දෙන්න...
මොකද අපි කැමතිද අපේ එකා වෙන එකියකට දෙන්න😁
ඒත් උබට පුලුවන්
ඌ ඒ දේට පුරුදු වුනේ උගේ පරන කෙල්ල එයාව දාලා ගිය දවසෙ ඉදලා නම්,
ඒ දාලා ගිය එකීටත් වඩා ආදරයක් ඌට දෙන්න...
උබ ගැන එයාට විශ්වාසයක් ඇතිකරවන්න....
මේ හැමදෙයක්ම අන්තිමෙර් උඹ උගෙන් පුන්චි ඉල්ලීමක් කරපන්
ඔය ජරාව බොන එක නවත්තන්න කියලා
අනිවාර්යෙන් ඌ උඹේ කීමට කන් දෙයි...
එක පාරට පුරුදු වුන දේවල් අත අරින්න බෑ බන්...
උඹ ඉවසීමෙන් ඉදපන්
ඒ පුරුද්ද අත අරින්න උඹත් ඌට උදව් කරපන්
ටික කාලයක් යද්දි ඒ පුරුදු නතර වෙයි...
උඹට පුලුවන්නම් උගෙන් පොරොන්දුවක් ගනින්
ආයේ ඒ වගේ දේවල් නොකරන්න කියලා
👆ගොඩක් කොල්ලෝ පොරොන්දු කඩ කරන්නෑ බන් ....
එහෙමත් කියලා ඌට ඕනවට වඩා නීති දාලා තියා ගන්නත් එපා...😉
දෙන්නට දෙන්නා තේරුම් ගත්ත ආදරේ ගොඩක් ලස්සන වේවි....❤️
____හෂියා___

No comments:

Post a Comment