Pages

Tuesday, June 25, 2019

උඹ කියලා දුන්නෙම අඩන්න විතරමයි මහ ගොඩක්...

මට ඕන තව එකම දවසක් උඹව දකින්න
අයිති නැති අතකින් අල්ලන්...
ජීවිතේ ගැන කියවන්න.

"කිසි දෙයක් සුන්දර නෑ ඔය ඇස් තරමට"
ආයෙමත් උඹ කියන බොරු අහන්න..
ඇත්තමයි කොල්ලෝ ....සුරංගනා කතා කියන්න තිබුණා උඹට ටින්කබෙල්ට..
☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️

දැන් මම දන්නවා ...ආද⁣රේ කියන්නේ පාළුව මකා ගන්න එකට
තමන්ට ඕන දේවල් නොලැබුණම ..බැදීම් තියෙන්නෙම බිදිලා යන්න

හිතේ කෙනෙක් තියාගෙන අනිත් අයගෙන් එයාවම හොයන එක වරදක්
උඹ නොදන්නවා උනාට හැගීම් එක්ක විහිළු කරන එක පවක්..
අහන්න ඕනෙම නන්. ඇයි කදුළු වල මෙච්චරම  තෙතක්..
මං දන්නෑ හිනාවෙන්න ...
උඹ කියලා දුන්නෙම අඩන්න විතරමයි
මහ ගොඩක්...

මං දන්නවා
උඹට මගේ මතකෙට නෑවිත් ඉන්න බෑ..
මොකද උඹ දන්නවා
මම තරමට උඹට ආදරේ කරපු වෙන කව්රුත්ම නෑ.....😢

නූඩ්ලස් කොන්ඩ ඉතින් හැමෝටම තියෙනවද..
කච කච ගාලා කියවන්න හැම කෙල්ලම කැමති..ද
හුරතල් වෙන එක ආදරේකට අනිවාර්යය දෙයක්ද
නල දත්...තියෙන කෙල්ලෝ ඇත්තටම වාසනාවන්තද...

මට එ් කිසිම දෙයක් නෑ ඒකද වරද
අඩුපාඩු නැති කව්රුත් ලෝකේ නෑ දන්නවද ඇත්ත....?
ජීවත් වෙන්න ලස්සන ඕන නෑ..හුස්මයි ඕන....

ඔයා ඔහොම ඉන්න...
අතඅරින්න මම පුරුදු වුණේ පුංචි කාලේ ඉදලම
පුදුමෙකුත් නෑ..හිටියත් නෑ වගේ ඉන්න උඹ ගැන
ඉතින් මම යන්නද..
ආදරේ නැති හිතක
අයිතිවාසිකම් හොයලා වැඩක්ද....?

No comments:

Post a Comment