මූණ බලලා ආදරෙන් වචනයක් කතා නොකරපු මනුස්සයෙක්
ඔලුව අතගාලා කවදාවත් පුතේ මං ආදරෙයි නොකියපු මනුස්සයෙක්
මොන ජගතා ඉස්සරහා උනත් වැඩි හුරතල් නැතුව සැර කරපු මනුස්සයෙක්
ජීවිතේ කවදාවත් කොච්චර මිනිස්සු මුණගැහුනත්
සම කරන්න බැරි මනුස්සයෙක්
අම්මා නම් වැහැරෙනකල් ම තනේ උරන්න දීපු බව හැබෑවක්
අප්පච්චි මොනාද කලේ අපි වෙනුවෙන්
නෑනේ කවුරුත් ඒ ගැන කතාවක්
නොදැනුවත්ව හරි මං කන බොන විදිහ පවා එයා හැදුව රටාවක්
මුහුදත් උතුරාවී බැරි වෙලා හරි තාත්තෙක් ඇඬුවොත් වතාවක්
ආදරේ හංගන්න ඒ හදවත තරම් දන්න වෙන තැනක් ගැන අහලා නෑ
සාගරේ පතුලෙන් දිලිසෙන මුතු ඇටක් තරම් ආදර හිනාවක් නෑ
ඔලුව උස්සලා මූණ බලන්න කවදාවත් මට හයියක් ඇවිත් නෑ
අප්පච්චි කියන්නේ එක චරිතයක් නෙවෙයි ලෝකයක් ඒකේ සැකයක් නෑ
කොච්චර සැර උනත් දකින්නම ආස රූපයක් නම් ඒ තමයි තාත්තා
ලේ කිරි උන වගක් නොඇසුවත් දහඩිය සුවඳ මා හදවතින් වෙලා ගත්තා
ආදරේ බිංදුවක් වත් නෑ වගේ හිටියට තුන් තිස් පැයම එක වගේ මාව රැක්කා
ඇත්තටම මං නිදාගත්තම ඇවිත් හිස සිඹින කවුරු හරි ඉන්නවා නම්
#ඒ_තමයි_තාත්තා
#වැඩියෙන්ම_ආදරේ_එකෙක් ❤✌️
- අකුරු -
No comments:
Post a Comment