Pages

Tuesday, June 25, 2019

අම්මා___❤️

ලෝකයේ උත්තරීතරම පදවිය
ආදරණීයම-මිහිරිම වචනය
එයයි👆❤️


ගැහැණියක් ලබා ගන්නා
ඉහළම වගේම වැදගත්
රෑ නිදි මරා
දවල් දවසක් වෙහෙස වී
වැටුපක් නොලබා කරන
වෙහෙසකරම  සේවය💛

ඒත් අද අපි දකින ලෝකයේ
මේ කැපවීමට වටිනාකමක් ලැබෙන්නෙ
සුළු වශයෙන්

අනන්තවත් මා ඔබ දැක ඇති
මහළු මවට නොසලකා හරින
වැදගත් දූ-පුතුන්😞

සමාජය කොච්චර වෙනස් ද
නවීන තාක්ෂණය සමග
ලෝකය දියුණුවත්ම
සමාජ සාරධර්ම පිරිහිලා

පව්-පින් ගැන අවබෝධයක්
කිසිවෙකුගේ හිතේ නෑ
පව් කරන්න බය නැති තැන
සාරධර්ම ඉබේම
නැති වී ගිහින්

ඇත්තටම තමන්ගෙ
ආදරණීය අම්මට සලකන්න ඕන
පව් පින් නිසාම නෙවෙයි

දරුවෙක්ට තමන් හැදූ වැඩූ
ආදරයෙන් රැක බලා ගත්ත
ඒ අම්මා ගැන හැගීමක්
අනිවාර්‍යයෙන්ම තිබිය යුතු නිසාමයි...

ගැහැණියක් මවු පදවිය පිලි ගත් දා සිට
කුස තුල ඉන්නා බිලින්දා රකින්නේ
නාගයෙක් මැණිකක් රකිනවා වගේ..

රස්නෙට වතුර පොදක් නැතිව,
දිව පිනවන ආහාර නැතිව,
සුව නින්දක් නැතිව
දහසක් දුක් වේදනා මැද්දේ
මාස දහයක් රකින්නේ
අඹු-සැමි දෙදෙනාගේම ආදරේ සන්කේතය
මෙලොව එලිය දකිනකම්💛❤

ජීවිතයේ විදින්නා වූ
ලොකුම වේදනාව විදිමින්
දරුවෙක් මෙලොවට බිහි කරන්නේ
දහසක් පැතුම් පොදි බැදන්...😊

රස ආහාරයක් නොකා
දරුවන්ගේ දිව පිනවන
රසැති ආහාර කවා පොවා
කටට ලස්සන සළු පිළි නැතිවට
දරුවන්ට ඕන සියළුම
සැප සම්පත් දී
හැඩ බලන්නේ
කවදා හරි ඇයටත් ඒ සෙනෙහස
ඒ විදියටම නොඅඩුව ලැබෙයි කියන
පොඩි හරි බලාපොරොත්තුවක්
නැතිවම නෙවෙයි

අම්මෙකුට ඕන තමන්ට නැතත්
තමන්ගේ දරුවා රජෙක් කරන්න

ඒ තමයි මවු සෙනෙහස❤

ඒත් අද ඒ ආදරේ කොතනද තියෙන්නේ??

දවසින් දවස මහළු මඩම් වැඩි වෙන්නේ
ඇයි කියලා හොයලා බලන්න ...
සාරධර්ම බින්දුවටම පිරිහිලා

ඇයි මේ මිනිස්සු නොමිනිස්සු වගේ හැසිරෙන්නේ
ඇයි හැගීම් දැනීම් නැති මිනිස්සු
බිහි වෙන්නේ

මේ සමාජ ක්‍රමේ වැරැද්ද
ඒකයි අන්ක එකටමහැමෝටම වැරදුනේ👆
ධනය,බලය වෙනුවෙන්
කෑගහන්න කොච්චර මිනිස්සු
ඉදිරිපත් වුනත්
රටේ ඉදිවෙන එක මහලු නිවාසයක් වෙනුවෙන්
මීක් කියන හඩ නගන්න කවුරුවත් නෑ බන්

ටියුෂන් කඩ සතියේ දින පහේම
දරුවෙක් පෙර පාසලට අඩිය තියන්නත් කලින්
ටියුෂන් ගුරා ලග
සමහර වෙලාවට සතියේ දින හතත් මදියි
ටියුෂමට
ඉරිදා දිනයේ දහම් පාසල ගැන කාටවත් නෑ අවබෝධයක්

ඒ ගියානම් හැගීමක් ඇති දහම් පාසල්ගිය දරුවෙක්ට අනිවාර්‍යෙන්ම තමන්ගේ අම්ම ගැන

දහම් පාසල්-පාසල් කතාවකදී
ආසාවෙන්ම,...හදිස්සියේ සූදානම් වුන
කතාවට මාතෘකාව ගොඩාක් දුරට #අම්මා💛

ඇයි ඒ??හිතපන් පොඩ්ඩක්
අම්මා තරම් දරුවෙක්ට සමීප වචනයක් නැති තරම්
බය නැතුව කට අරින්න පුලුවන් එකම වචනය අම්මා

#සමාජේ_පොෂ්_වුණා
#මිනිස්සු_බලු_වුනා
#හැම_ජීවිතේම_බිසී_වුනා

උඹ මිනිසත් භව ලැබූ දරුවෙක්නම්
උඹගේ අම්මා වෙනුවෙන් කදුලක් වැටෙන්නම ඕනි
ඇය ගැන මතක් කරද්දි

විනාඩියකට මතක් කරපන් තමන්ගේ අම්නා ගැන
උඹ නියම දරුවෙක්නම් උඹට හිතෙයි
උඹ ඒ වෙලාවේ මොන ලෝකේ හිටියත්
දුවලා ගිහින් ඇයව තුරුල් කරන් අඩන්න

වැරදුන හැමවෙලේම ලග ඉදියේ
අම්මා විතරයි බන්
උඹ ඇයගේ හිත කොච්චර රිද්දුදත්
බලපන් තරහා වෙලා තියෙනවද
උඹලගේ හිත් රිද්දලා තියෙනවද කියලා

දෙවි කෙනෙක් බන් ඒ
අපේ ඇස් වලට ජීවමාන
පුරුදුවෙයන්
උඹලගෙ කරදඩු කොච්චර උස් මහත් වුනත්
ගෙදරින් එලියට අඩියක් තියද්දි
අම්මගේ කකුල් දෙක අල්ලලා වදින්න

#වරදින_එකක්_නෑ_කිසිම_වෙලාවක❤💛

කොච්චර නැති බැරිකම් තිබ්බත් පුලුවන් තරමින් සලකපන් අම්මට
ඒ පිනම ඇති උබලට කරපු පව් මැකෙන්න

        ❤💛❤

____හෂියා____

No comments:

Post a Comment